ඉන්දියාවේ රෝගීන්ට රුසියාවෙන් ඖෂධයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 9, 2021

ඉන්දියාවේ රෝගීන්ට රුසියාවෙන් ඖෂධයක්

කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකර්මයක් ලෙස රුසියානු විද්‍යාඥයන් විසින් නිපදවනු ලැබ ඇති නව ඖෂධය ඉන්දීයාවේ ඖෂධ සමාගම් හරහා නිෂ්පාදනය කිරීමට රුසියාව සූදානම් වෙයි.

'කොවිඩ් ග්ලෝබුලින්' යන නමින් හැඳින්වෙන මෙම ඖෂධය ලබා දෙන්නේ කොරෝනා ආසාදිතයන් සංකූලතාවලින් ආරක්ෂා කර ගැනීමටත් කොරෝනා වයිරසයට එරෙහිව සිරුරේ වේගවත් ප්‍රතිශක්තියක් ඇති කිරීමේත් අරමුණින්ය. 

'කොවිඩ් ග්ලෝබුලින්' යනු රුසියාවේ 'රොස්ටෙක්' ඖෂධ නිෂ්පාද සමාගමේ ඔසුවකි. ඉන්දීය රජය සහ එරට සෞඛ්‍ය අමත්‍යාංශය සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව, ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගම් සමඟ එක් වී, 'කොවිඩ් ග්ලෝබුලින්' නිෂ්පාදනය ආරම්භ කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව රොස්ටෙක් සමාගමේ ප්‍රධානී සර්ගේ චෙමෙරෝව් පවසා ඇත. 

සර්ගේ චෙමෙරෝව් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයකු බව ද පැවැසෙයි. 

'කොවිඩ් ග්ලෝබුලින්' ඖෂධය නිපදවා ඇත්තේ කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන්ගේ මෙන්ම නියමිත එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන වයිරසයට එරෙහිව සිරුරේ මනා ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයන්ගේ රුධිර ප්ලාස්මා යොදා ගනිමිනි. ඉන්දියාවේ 'කොවිඩ් 19' එන්නත්කරණ වැඩසටහනට රුසියාවේ දායකත්වය නොඅඩුව ලැබේ. 'ස්පුට්නික් 5' එන්නත ඉන්දියානුවන් වෙනුවෙන් මිලදී ගැනීමට ඉන්දීය රජය කටයුතු කර තිබේ.

ඉන්දියානුවන්ට මේ වනවිට ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග පහක් ලබා දෙන අතර, එයින් එකක් වන්නේ 'ස්පුට්නික් 5' එන්නතය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි නොවුණත්, 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව නිපදවා ඇති 'ස්පුට්නික් 5' එන්නත මේ වනවිට ලොව රටවල් රැසක භාවිතයට ගැනෙයි. 

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවද්දී, වයිරසය ආසාදනය වූ රෝගීන් ට සංකූලතා ඇතිවීම වැළැක්වීමටත්, එම රෝගීන්ගෙන් වෙනත් අයට කොරෝනා ආසාදනය වීම වැළැක්වීමටත් ඇමෙරිකාව, ජර්මනිය ඇතුළු රටවල් ද විවිධ ඖෂධ නිපදවා තිබේ. එම ඖෂධ ද ඉන්දියාවේ කොරෝනා ආසාදිත රෝගීන්ට ලබා දීම සිදුවන බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසා තිබේ.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom