G20 සමුළුව රෝමයේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 30, 2021

G20 සමුළුව රෝමයේ

ලොව ප්‍රබල රටවල රාජ්‍ය නායක හමුව හෙවත් 'ජී20' සමුළුව අද (30) සහ හෙට (31) ඉතාලියේ රෝමයේ දී පැවැත්වෙයි. මෙවර සමුළුව පැවැත්වෙන්නේ 'ජනතාව, අප ලෝකය සහ සමෘද්ධිය' යන තේමාව යටතේය. 

2020 වසරේ 'ජි 20' සමුළුව පැවැත්වූයේ වීඩියෝ තාක්ෂණයෙනි. ඒ, 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් සමුළුවට රාජ්‍ය නායකයන් සහභාගී නොවුනු බැවිනි. 2020 සමුළුවේ සත්කාරක රට වූයේ සෞදියයි.

'ජී 20' රාජ්‍ය නායකයන් ලෙස සමුළුවට සහභාගී වන්නේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, චීන ජනාධිපති ෂී ජින්පින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ආජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්මැන්ඩේස්, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්, බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ, ඉන්දුනීසියා ජනාධිපති යාකෝ විඩෝඩෝ, ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා, මෙක්සිකෝ ජනාධිපති මැනුවෙල් ලෝපේස්, රුසියන් ජනාධිපති පුටින්, සෞදියේ අබ්දුල්ලා රජු, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්, තුර්කි ජනාධිපති එර්දොවාන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් සහ 'ජී20' සත්තාකරු වන ඉතාලියේ අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගී ය. 

ඊට අමතරව‍යුරෝපා සංගමය වෙනුවෙන් ආරාධිත රටවල් කීපයක නායකයෝ කීප දෙනෙක් ද සමුළුවට සහභාගී වෙති. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඉතාලිය බලා පැමිණියේ ඊයේ (29) වැනිදාය.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (29) වතිකානයේ දී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් හමුවුණු  අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පාප්තුමන් හමුවූයේ අද (30) දිනයේය. ඒ, රෝමයේ ඉන්දීය ඩයස්පෝරාව හමුවීමෙන් අනතුරුවය. පාප්තුමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගත්තේ ඔහු වැළඳ ගනිමිනි.
මේ අතර ධවල මන්දිරය ප්‍රකාශ කළේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ පාප්තුමන් අතර වතිකානයේ පැවැති හමුව පෞද්ගලික හමුවක් බවය. ඇමෙරිකන් ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ද එම සංචාරයට එක් වී සිටී. 

බයිඩන් සහ පාප්තුමන් අතර පෞද්ගලික හමුව මිනිත්තු 90 ක් තිස්සේ පැවැත්විණි. ජෝ බයිඩන්, රෝමානු කතෝලික බැතිමතෙකි. එහෙයින්, පාප්තුමන් හමුවීම ඔහුට සුවිශේෂී අවස්ථාවක් විය. ජෝ බයිඩන් ඇමෙරිකන් ජනාධිපතිවරයා ලෙස පාප්තුමන් හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom