ඉන්දීය පුංචි තිරයට ගිය යොහානි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 10, 2021

ඉන්දීය පුංචි තිරයට ගිය යොහානි

'මැණිකේ මගේ හිතේ' ගීතයෙන් ප්‍රති ගායනා කරමින් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමග පසුගිය 9 වැනිදා රාත්‍රියේදී ඉන්දීයාවේ සජීවි ලෙස විකාශය වූ එරට ජනප්‍රිය රියැලිටි රූපවාහිනි වැඩසටහනක් සඳහා සහභාගී වූවාය. 

 යොහානි එලෙස සහභාගී වූයේ සෙනසුරාදා රාත්‍රී 9.30ට ඉන්දියාවේ කලර්ස් ටී.වී (colors tv) නම් ජනප්‍රිය රූපවාහිනී චැනලය ඔස්සේ විකාශය වූ එරට ප්‍රේක්ෂකයින් අතර ඉතා ජනප්‍රිය වැඩසටහනක් වන "බිග්බොස් -15 " රියැලිටි වැඩසහනේ විශේෂ ආරාධිතයා වශයෙනි. මෙම වැඩසටහන ඉන්දියාවේ සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් විසින් ඉදිරිපත් කරන අතර ඔහු ඇයව හදුන්වා දෙනු ලබන්නේ '' අන්තර්ජාල තරුවක් '' ලෙසිනි. 

එම වැඩසටහනේ දී යොහානි , බොලිවඩු නළු සල්මන් ඛාන් සමග ඇය ප්‍රතිගායනා කළ 'මැණිකේ මගේ හිතේ' ගීතය ගායනා කරන අතර වැඩසටහනේ ඇය එම මුළු ගීතයම ගායනා කරනු ලැබුවාය. ඉන්දීය බිග්බොස් -15 වැඩසටහනට ආරාධිතයෙකු ලෙස සහභාගී විම සම්බන්ධයෙන් යොහානි කියා සිටියේ එය ලොකු අත්දැකීමක් වූ සේම සුපිරි නළු සල්මන් ඛාන් හමුවීම පුදුම සහගත යැයි ඇය ඉන්දියා ටුඩේ පුවත් වෙබ් අඩවිය වෙත කියා සිටියාය. 

ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: "බිග් බොස්" වැඩසටහන පුදුමාකාර ප්‍රසංගයක් වන අතර ඕනෑම වේලාවක එහි කොටස්කරුවෙකු වීමට මම කැමතියි..මුලින්ම මම ඔහුට ‘මැණිකේ මගේ හිතේ ’ ගීතය ඉගැන්වූ අතර දෙවනුව මම ඔහුගෙන් ගීතය ගයනවාදැයි ඇසූ විට ඔහු පැවසුවේ ඇයි මම ගීත කිහිපයක් ගායනා නොකරන්නේ යැයි කියා සිටි බව යොහානි ඉන්දියා ටුඩේ පුවත් වෙබ් අඩවිය වෙත කියා සිටියාය.

යොහානි ප්‍රති නිර්මාණය කළ 'මැණිකේ මගේ හිතේ'' ගිතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 140 ඉක්මවා ගොස් ඇති අතර, සිංගල ගීතයක් යූ ටියුබ් නැරඹුම් වාර ගණන මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය වේ. මේ අතර බොලිවුඩ් චිත්‍රපටයක හින්දි භාෂාවෙන් පසුබිම් ගායනයට දායක වීමටත් යොහානිට අවස්ථාව හිමිවී තිබේ. ඇය ''ෂිද්දත් '' හින්දි චිත්‍රපටය සදහා ගායනා කළ එම නවතම හින්දි ගීතය ද මෙරට ගායිකාවක් ගැයූ , අඩුම කාලයක් තුළ යූ ටියුබ් නැරඹුම් වාර මිලියනයක් පසුකළ ගීතය බවටද පත්ව ඇත. 

යොහානි සිය පළමු ජාත්‍යන්තර ගෘහස්ත ප්‍රසංග දෙක පසුගිය සැප්තැම්බර් 30 වනදා ඉන්දියාවේ නවදිල්ලියේදී, ඔක්තෝබර් 03 වැනිදා හද්‍රාබාද් හී ඉතාම සාර්ථක ලෙසින් පැවත්වූවාය. මෙම ප්‍රසංග සදහා සහභාගී වීමට ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා දිවයිනෙන් පිටත්ව ගිය ඇය නැවත මෙරටට පැමිණෙනුයේ 12 වැනිදාය.

෴ තිළිණි ද සිල්වා

Classified_Ad

Classified_Ad_News_Bottom