විශිෂ්ටතම පරිවර්තනය - 'වීත්යා සහ ඔහුගේ යාළුවෝ' - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 28, 2021

විශිෂ්ටතම පරිවර්තනය - 'වීත්යා සහ ඔහුගේ යාළුවෝ'

රුසියානු ලේඛක නිකොලායි නොසොව් විසින් රචිත 'වීත්යා සහ ඔහුගේ යාළුවෝ' කෘතිය 2021 වයඹ පළාත් රාජ්‍ය කලා තරගාවලියේ විශිෂ්ටතම පරිවර්තනය කෘතිය ලෙස සම්මාන ලැබීය. 

දිලිනි තෙන්නකෝන් ලේඛිකාව විසින් සිංහල බසට නැඟූ 'වීත්යා සහ ඔහුගේ යහළුවෝ' ඇයගේ කුළුඳුල් පරිවර්තන කාර්යයයි.
 
සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයෙහි ප්‍රකට ළමා කතා රචකයකු නිකොලොයි නෝසව් විසින් රචිත වීත්යා සහ ඔහුගේ යාළුවෝ යනු ඒ යුගයෙහි ළමා සාහිත්‍යයේ අගනා සලකුණකි. 

ළමා මනසෙහි විචිත්‍රත්වයත්, කුතුහලය සහ දඟකාරී බවත්, හාස්‍යප්‍රියබව මෙන්ම සක්‍රියබවත්, අපූර්වාකාරයෙන් නිරූපිත මේ කෘතිය අතට ගන්නා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද පසෙක තැබිය නොහැකි තරමේ රසවත් අත්දැකීමක් අත්කර දෙයි. 

මිනිසත්බවින් පිරි වැඩිහිටියකු නිර්මාණය කිරීමේ ලා සාර්ථක ළමා සාහිත්‍යයකට කළ හැකි කාර්යභාරය අතිමහත්ය. මේ කෘතිය ඒ බව මැනවින් පසක් කරන්නකි. 

රුසියානු සාහිත්‍යයේ මහඟු දායාදයක් වන මෙම කෘතිය මෙරට පාඨකයන් වෙත ගෙන ආ දිලිනි තෙන්නකෝන් මෙනවිය දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ආගමන හා විගමන නිලධාරිණියක ලෙස සේවයේ නිරතවෙමින් සිය සාහිත්‍ය කටයුතුවල ද යෙදී සිටින්නීය.

Classified_Ad

Classified_Ad_News_Bottom