'ඔමික්‍රෝන්' ඉන්දියාවට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Dec 2, 2021

'ඔමික්‍රෝන්' ඉන්දියාවට

ඉන්දියාවෙන් ද පළමු වරට 'කොවිඩ් 19 ඔමික්‍රොන්' විකෘති වයිරස ආසාදිතයන් දෙදෙනකු හමුවිය. මෙම 'ඔමික්‍රෝන්' ආසාදිතයන් හමුවී ඇත්තේ කර්ණාටක ප්‍රාන්තයෙන් බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.

ඔවුන් දෙදෙනා බරපතල රෝග ලක්ෂණ නොපෙන්වන බව ද සෞඛ්‍ය අංශ වැඩි දුරටත්වෛ පවසා ඇත.  මෙම ආසාදිතයන් දෙදෙනාගේ පළමු සහ දෙවැනි පෙළ ආශ්‍රිතයන් ද මේ වනවිට 'කොවිඩ් 19' පරීක්ෂණ සඳහා යොමු කළ බව ද වාර්තා වේ. 

'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘති ප්‍රභේදය ඉන්දියාවේ ව්‍යාප්ත වෙනවා ද සෙවීමට ප්‍රාන්ත මට්ටමින් ජාන විශ්ලේෂණ පරීක්ෂණ ආරම්භ කළේ යැයි ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිවේදනය කළේ ඊයේ (1) ය. ඒ අනුව, අද (2) 'ඔමික්‍රෝන්' ආසාදිතයන් හඳුනා ගැනීම සිදුවිය. ප්‍රාන්ත මට්ටමින්, 'ඔමික්‍රෝන්' ආසාදිතයන් හදුනා ගැනීම ආරම්භ කර ඇතැයි ද ඉන්දීය සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පවසා තිබේ. 

දකුණු අප්‍රිකාවෙන් පළමු වරට හඳුනා ගත් 'ඔමික්‍රොන්' විකෘතිය ඉතාමත් බිහිසුණු, වේගයෙන් ව්‍යාප්තවන, එන්නත්වලට පවා ප්‍රතිරෝධය දක්වනවා යැයි පැවැසෙන්නේ, 'ඔමික්‍රොන්' විකෘතිය නිර්මාණය වී ඇති වයිරස විකෘති අනුවය. 

'ඔමික්‍රොන්' විකෘතියේ සැබෑ ස්වරූපය අවබෝධ කර ගැනීමට තව දින කීපයක් ගතවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට දිගින් දිගටම පවසා ඇත්තේ 'ඔමික්‍රොන්' සම්බන්ධයෙන් දැන්ම අනවශ්‍ය ලෙස බියක් ඇති කර ගැනීම නොකළ යුතු බවය.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad