ඊශ්‍රායල අගමැති පළමු වරට එමිරේට්ස් යයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Dec 13, 2021

ඊශ්‍රායල අගමැති පළමු වරට එමිරේට්ස් යයි

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා පැමිණියේය.

ඊශ්‍රායලය සහ එමිරේට්ස් රාජ්‍යය අතර යහපත් සබඳතා ආරම්භ වීමෙන් පසු, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයකු එමිරේට්ස් බලා පැමිණි පළමු අවස්ථාව මෙය යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

එමිරේට්ස් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර අර්බුදයක් පැවැතියේ පලස්තීනය මුල්කොට ගනිමිනි. ඊශ්‍රායලයෙන් පලස්තීන මුස්ලිම්වරුන්ට එල්ල වන කෙණෙහිලිකම් ඊට හේතුව විය. 

ඊශ්‍රායලය සහ එමිරේට්ස් රාජ්‍යය මිතුරු කළේ බයිඩන්ට පෙර ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වෙමිනි. 

ආරම්භ වුණු මිතුදම් ශක්තිමත් කර ගැනීම ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත.

 එමිරේට්ස් බලා පැමිණි ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙනට් උණුසුම් අයුරින් පිළිගැනීමට ඔටුන්න හිමි කුමරු ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාම් කටයුතු කළේය.

෴ උපුටා ගැනීම - Al Jazeera

Classified_Ad