නැති බැරි කාලේ පුටින් කුලී රථ රියැදුරෙක් වෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 13, 2021

නැති බැරි කාලේ පුටින් කුලී රථ රියැදුරෙක් වෙලා

සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙද්දී, බොහෝ දෙනා ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන් බවත්, තමන්ට ද කුලී රථ රියැදුරකු ලෙස රැකියාව කරමින් මුදල් ඉපැයීමට සිදුවුණු බවත් රුසියන් ජනාධිපති වැල්දැමීර් පුටින් අතීතය සිහිපත් කරමින් පවසා තිබේ. 

සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේ, එරට KGB රහස් ඔත්තු සේවයේ ඒජන්තවරයකු ලෙස පුටින් රාජකාරි කළේය. ආර්ථික අර්බුද මැද, සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙද්දී, රුසියානුවන් බොහෝ දෙනකු ගැටලු රැසකට මුහුණ දුන් බවත්, තමන් ද ඒ අතරින් එක් අයකු බවත් ජනාධිපති පුටින් පැහැදිලි කර ඇත.

ජනාධිපති පුටින් මෙසේ පැහැලි කළේ රුසියන් රජයේ 'ආර්.අයි.ඒ. නොවොස්ති' පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. එම සාකච්ඡාවට මාතෘකාව වූයේ 'රුසියාවේ ඉතිහාසය' යන්නය.

'මා ඒ අඳුඳ අතීතය සිහිපත් කරන්න කැමැති නැහැ. එදා රැකියාවෙන් ලැබුණේ බොහොම සුළු මුදලක්. ජීවත් වෙන්න ප්‍රමාණවත් වුණේ නැහැ. මා නොයෙක් මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දුන්නා. කුලී රථ රියැදුරෙකු ලෙසත්, පෞද්ගලික රියැදුරෙක් ලෙසත් රැකියාව කරන්න මට සිදුවුණා. අමතර මුදලක් සොයා ගන්න සිදුවුණා.' යැයි පුටින් පැහැදිලි කරයි. 

සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටුණේ 1991 වසරේදීය. රුසියාව ස්වාධීන රාජ්‍යයක් ලෙස වෙන්වීම ඒ අනුව සිදුවිය. සෝවියට් සමූහාණ්ඩුවේ ප්‍රධානතම රට වූයේ ද රුසියාවය. සෙසු බෝල්ටික් සහ මධ්‍යම ආසියානු රටවල් ඒ වටා එක් වී සෝවියට් සමූහාණ්ඩුව නිර්මාණය වී තිබුණි. 

සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවල් ගණන 15 කි. යුක්රේනය ද අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් කොටසක් වී තිබුණි. අද ස්වාධීන රාජ්‍යයක් ලෙස බටහිරට නැඹුරු වී සිටින යුක්රේනය, චෝදනා කරන්නේ රුසියන් ජනාධිපති පුටින්, එරට ආක්‍රමණය කිරීමට සැරසෙන බවය. 

 ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවට අනතුරු අඟවා ඇත්තේ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත්, රුසියාවට එරෙහිව සම්බාධක පැනැවීමටත් යුද වැදීමටත් පසුබට නොවන බවය. යුක්රේන දේශසීමාවේ මේ වනවිට රුසියන් හමුදා සොල්දාදුවන් 90,000 ක් රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

ලොව ප්‍රබල ආර්ථිකයන්ට හිමිකම් කියන 'ජී7' රටවල විදෙස් ඇමැතිවරුන්ගේ හමුවක් බ්‍රිතාන්‍යයේ ලිවර්පූර්හි පැවැත්වුණු අතර එහිදී ද 'ජී7' විදේශ අමාත්‍යවරුන් රුසියාවට එරෙහිව එකමුතුව කටයුතු කිරීමට ප්‍රතිඥා දුන් බව පැවැසෙයි.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom