කේට් මිඩ්ල්ටන්ට 40 යි ! - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 11, 2022

කේට් මිඩ්ල්ටන්ට 40 යි !

බ්‍රිතාන්‍යයේ කිරැළ හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, කේම්බ්‍රිජ් ආදිපාදවරිය යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන කේට් මිඩ්ල්ටන් සිය 40 වැනි උපන් දිනය සමරයි. 

උපන් දිනය නිමිත්තෙන් කේට්, ලෝ ප්‍රකට විලාසිතා ඡායාරූප ශිල්පියකු වන පාලෝ රවේසිගේ ඡායාරූප එකතුවකට පෙනී සිටි අතර, විදෙස් මාධ්‍ය එම ඡායාරූප ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ කේට් මිඩ්ල්ටන් ට සුබ පැතුම් ද එක් කරමිනි. 

කේට් මිඩ්ල්ටන් එම ඡායාරූපවලට පෙනී සිටින්නේ ඇලෙක්සැන්ඩර් මැක්වීන් නිර්මාණය කළ ගවුම්වලින් සැරැසෙමිනි. 
කේට් පැලඳ සිටින්නේ විලියම් මෙන්ම හැරී කුමරුන්ගේ මව ඩයනා කුමරියගේ කරාඹු ජෝඩුවය. 

කේට් මිඩ්ල්ටන් උපත ලබා ඇත්තේ 1982 ජනවාරි 9 වැනිදාය. ඇය විලියම් කුමරු සමඟ විවාහ වූයේ 2011 දීය. යුවළට දරු තිදෙනෙකි. ඒ පුතුන් දෙදෙනකු සහ දියණියකි. වැඩිමල් පුතු ජෝර්ජ් කුමරුන්ය. දියණියහ චාලට්ය. බාල පුතු ලුවීස් ය. 

෴ උපුටා ගැනීම - BBC

Classified_Ad