කැනඩා අගමැතිට දරුවන්ට ‘කොවිඩ්’ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 2, 2022

කැනඩා අගමැතිට දරුවන්ට ‘කොවිඩ්’

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ ඔහුගේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනකුට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇත. අග්‍රාමාත්‍ය ටෲඩෝ, පූර්ණ එන්නත්කරණයකට ලක් වී බූස්ටර් එන්නත ද ලබා ගත් අයෙකි. 

‘මා හොඳින් සිටිනවා. සෞඛ්‍ය නීතිවලට අනුකූලව මා කටයුතු කරනවා. මා සියලුම කැනඩා වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබා ගන්න. ඔමික්‍රෝන් වසංගතයට මුහුණ දෙන්න බූස්ටර් එන්නත අවශ්‍ය වේවි’ යැයි අග්‍රාමාත්‍ය ටෲඩෝ විශේෂ ප්‍රකාශයක් කර තිබේ.

‘කොවිඩ් 19’ ආසාදනය වී ඇත්තේ කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ 12 හැවිරිදි දියණියට සහ 7 හැවිරිදි බාල පුතුටය. අග්‍රාමාත්‍ය ටෘඩෝ ට සිටින්නේ පුතුන් දෙදෙනකු සහ දියණියකි. 

අග්‍රාමාත්‍ය බිරිඳ සෝෆි ග්‍රෙගොරි, 2020 මාර්තුවේ ‘කොවිඩ් 19’ ආසාදියකු බවට පත් වූවාය. එම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ටෲඩෝට හෝ දරුවන්ට හෝ වයිරසය ආසාදනය වූයේ නැත. මෙවර සෞඛ්‍ය අංශ පවසන අන්දමට, බිරිඳ සෝෆි ට ‘කොවිඩ් 19’ ආසාදනය වී නැත.

අග්‍රාමාත්‍ය ටෲඩෝ ‘කොවිඩ් 19’ එන්නත අනිවාර්ය කිරීමට කටයුතු කළ ලෝක නායකයෙකි. අග්‍රාමාත්‍යවරයා ගත් මෙම තීරණය හේතුවෙන් ඔහුටත් ඔහුගේ රජයටත් විරෝධය පළ කරමින්, කැනඩා වැසියෝ දස දහස් ගණනක්, ඔටෝවා නුවරට රැස්වී විරෝධතා ආරම්භ කර තිබේ. 

එම විරෝධතා ප්‍රචණ්ඩකාරී වී ඇති බැවින්, අග්‍රාමාත්‍යවරයා සහ පවුලේ සාමාජිකයන් රහසිගත ස්ථානයකට රැගෙන යෑමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ. ඒ අනුව මේ මොහොතේ අග්‍රාමාත්‍යවරයා සහ පවුලේ අය සිටින්නේ සැගවිලාය. අග්‍රාමාත්‍ය ටෲඩෝ සහ දරුවන් ‘කොවිඩ් 19’ ආසාදිතයන් බවට හඳුනා ගැණුනේ ද එසේ සැගවී සිටිද්දීය.

‘කොවිඩ් 19’ ප්‍රතිශක්ති එන්නත් අනිවාර්ය කිරීමට කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝ ප්‍රමුඛ රජය ගත් තීරණයට පළමුවෙන්ම විරෝධය පළ කළේ එරට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථ රියදුරු සංගම්ය. ඔවුන් විරෝධය පළ කරමින්, දැවැන්ත ට්‍රක් රථ පෙළපාළියකින් රට වටා ගොස් අවසානයේ ඔටෝවා නුවර බලා පැමිණියේ පසුගිය සති අන්තයේය. ඒ අනුව, ඔටෝවා නුවර විරෝධතා උත්සන්න විය. 

දස දහස්වි ගණනින්රෝ ධතාකරුවන් මාර්ග හරස් කරමින් විරෝධතා ආරම්භ කළ අතර, ගමනාගමන කටයුතුවලට බාධා එල්ල විය. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය යෙදවුණු අවස්ථාවේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් හට ගත්තේය. අග්‍රාමාත්‍ය ටෲඩෝ පෙන්වා දී ඇත්තේ, එන්නත්කරණය අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වන්නේ සුළු පිරිසක් පමණක් බවය.

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom