![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNWLB5cIzCF3X3j_jddkfViupBds4M0wGgG5M4-6KnoNsK-dG83HO1rBA1GjHXPkZXVE-zuKZaNjp82j8loFJQMXFSrU_Mv65Rq8dU_DGlC5t4w9_ULOzxaPiMjQxj_D4l4fbYSe_XZdMU0ilSSlnqjJailUOiyUCArRdIm9SlU1sHpI2_bzcasNUubA/s16000/005.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgO5aUG0ifWprlDQx0tv47oXR-Wqu1SFwpmHVHED5mjnP9Xg9AZRQ0z-9SL0vbuHSQloBIk-WZgApGm749ApMyjNdxI56xSWhSG_18C1FptT4iOYKBxJy6meBdhMWT4vm9_34Int-LPU0FbPbYNR0HR8hrNwZzeCzTV1TAhFnuxmLMS0XIZzGk-HVOzaQ/s16000/%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%20%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%20%E0%B7%84%E0%B6%A9%E0%B6%B1%20%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%9D.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2Fm_re8JFoHO5pHoyLxwpWvev2gbwPbq2ajtrgOb79AUU2u3CcHc4-QCxEbt2Jec4w68DwFKMYOzbOOUV6LD6d2saRAb6tYo-osvGIkbawHHoZQ4ObRWB8UcpBY0YQ4NiVlq39lXGpHQdZxAFngB2g7bc1a5daGMmvHmX4pYBs7lDbY_T60sInj2tTA/s16000/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.jpg)
එය සිත්පිත් නැති කුරිරු ප්‍රහාරයක් විය. ප්‍රාථමික පාසලේ සිදුවුණු එම වෙඩි තැබීම ඇමෙරිකාව පමණක් නොව මුළු ලොවම කම්පා කළේය. ඇමෙරිකාවේ ගිනි අවි පාලනය සම්බන්ධයෙන් සහ ගිනි අවි නීතිරීති දැඩි කිරීම සම්බන්ධයෙන් යළිත් වරක් කථිකාවතක් නිර්මාණය කිරීමට මෙම සිද්ධිය හේතුවිය.
වෙඩි තැබීම කළේ 18 හැවිරිදි ලතින් ඇමෙරිකානු සම්භවයක් ඇති ගැටවරයාය. ඔහු සැල්වදෝර් රාමෝස් ය. ඇමෙරිකාවේ, උතුරු ඩෙකෝටා ප්‍රාන්තයේ උපත ලැබූ බව පැවැසෙන රාමෝස් පදිංචි වී සිටියේ යුවල්ඩි නගරයේය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5wFzEIrZJypcBw6vRKxFsvx9smQdDpm6DsmFafTzjFOhIlLKSMTE3_8lTWGL1UdKFBpDCccgDZEXktPRvTcx0F0yRNRVgdez09hmr95QhU434b7tCEpph9LGlyx0brKPWv8-VSacax507u2JRIJcOJn91VfjrsXhp6RSIZDfL-pQeimEgepJxpyJQdQ/s16000/2022.05.28-04.jpg)
වෙඩි තැබීම කළ නරුමයා රාමෝස්
‘රොබ්’ මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ ද, ඔහු කඩා වැදී වෙඩි තැබීම් කළ ‘රොබ්’ ප්‍රාථමික පාසලෙනි. සිය මෝටර් රථයෙන් පාසල වෙත පැමිණි රාමොස් එය අතහැර දමා පිස්තෝලයක් සහ ප්‍රහාරක රයිෆලයකින් සන්නද්ධව, වෙඩි නොවඳින කබායක් පැළඳ පාසලට කඩා වැදුණේය. තමන්ට බාධාවක් වූ සැමට රාමෝස් වෙඩි තබන්න විය. රාමෝස්ගේ වියරුව ආරම්භ වූයේ උදෑසන 11 ට පමණ යැයි පොලිසිය පසුව පැවැසීය.
ඒ, පළමු පාසල් වාරය අවසන් සතියේ අවසන් දින කීපය විය. පොඩිත්තන් ආසාවෙන් සිටියේ නිවාඩුව ලැබෙනතුරුය. දෙක, තුන සහ හතර ශ්‍රේණිවල සිසුහු පාසලේ අධ්‍යාපනය ලබමින් සිටියහ. වියරු වැටුණු මරුවා පාසලට ඒවි යැයි ඔවුන් කිසිවකු දැන සිටියේ නැත.
පැය කීපයකට පෙර රාමෝස්, මෙක්සිකෝවේ සිටින සිය පෙම්වතිය යැයි කියන තරුණියක සමඟ කතාබහක නියැළී තිබේ. ඒ සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය. එම කතාබහ මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී අවසන්ය. රාමෝස් ඔහුගේ ගිනි අවිවල ඡායාරූප පවා පෙම්වතිය යැයි පැවැසෙන තරුණියට පෙන්වා ඇත්තේ ඒ ගැන ඇගේ අදහස් පවා විමසමිනි.
මේ තරුණිය ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට රාමෝස් අවස්ථා 6 කදී උත්සාහ දරා ඇති බව පැවැසෙයි. කෙසේ නමුත්, ඇමෙරිකන් නීති පද්ධතිය ඊට හරස් විය. ඒ අනුව, මානසික ආතතියෙන්, සිහි විකල් වූ රාමෝස් පාසලට කඩා වැදී වෙඩි තැබුවේ යැයි සැක කෙරේ. ප්‍රහාරය සිදු කළේ රාමෝස් පමණි. වෙනත් කිසිවකු ඊට සම්බන්ධ නැත. සිද්ධිය ගැන විමර්ශන තවමත් පැවැත්වෙයි.
පාසලේ වෙඩි තැබීම සැලවුණු සැණින් ප්‍රාන්ත පොලිස් නිලධාරීන් පාසල වට කළේය. ඒ වනවිට රාමෝස් පංති කාමරයකට කොටු වී සිටියේය. පංති කාමරයේ සිටි රාමෝස්, ඔහුට බාධාවක් වුණු සැමට වෙඩි තැබුවේය. පාසල් බලධාරීන් පාසල ලොක්ඩවුන් කළ අතර දෙමාපියන්ට සිදුවන්නේ කුමක්දැයි සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම් දෙන්න විය. බියටත් කලබලයටත් පත්වුණු දරුවන්ගේ මාපියන් පාසල අවට එක් රොක් වී හඩා වැළපෙන්න වූහ. තමන්ගේ දරුවාට අනතුරක් නොවේවා යැයි ප්‍රාර්ථනා කරන්න වූහ. එහෙත් පොඩිත්තන් 19 දෙනකුට යළි ඔවුන්ගේ මව හෝ පියා හෝ දකින්න ලැබුණේ නැත.
තුවාල ලැබූ තවත් පොඩ්ඩන් තිදෙනකු පසුව කඩිනමින් රෝහල් කළ බව වාර්තා විය. රාමෝස්ගේ වෙඩි උණ්ඩවලට බිලිවුණු ගුරුවරියන් දෙදෙනා ඊවා මිරෙලේස් සහ ඉර්මා ගාසියා ය. රාමෝස්ගේ වෙඩි උණ්ඩවලට බිලිවුණු ගුරුවරියන් දෙදෙනා ඊවා මිරෙලේස් (44) සහ ඉර්මා ගාසියා (48) ය. ඉර්මා ගාසියාගේ සැමියා ජෝර්ජ් ගාසියා ඊයේ (27) බිරිඳගේ ශෝඛය දරා ගැනීමට නොහැකිව, හෘදයාබාධයකින් මියගිය බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTHupWhaUo4pef0RJERzoUKWZlJPFviaYqbtj_I1jgENiRvec6xONnx9V6HfBxftoU53Lo4S7DPuRFvRH2CCvo3MQuuiFIbXsCGaqs4egWW_42MnktKYb_-KZUnipxy0Nx3ptpgvqxbtI2vzuYvzdXuhE1buZUtqTUJOF0ai2ll7zgAR0A6PeDyu_jpQ/s16000/2022.05.28-03.jpg)
ඉර්මා ගාසියා සහ ඊවා මිරෙලේස්
පාසලට කඩා වැදී පොඩිත්තන්ට සහ ගුරුවරුන්ට වෙඩි තැබූ සැල්වදෝර් රාමෝස්, පාසල තුළ සිටිද්දී, ප්‍රාන්ත පොලිස් නිලධාරීන් පැමිණ පාසල වට පැයක් ගත වීමටත් පෙරය. එම අවස්ථාවේදී රාමෝස් සහ පොලිස් නිලධාරීන් අතර වෙඩි හුවමාරු සිදුවිය. පොලිස් නිලධාරීන්ට රාමෝස් යටත් කර ගැනීම අසීරු විය. එවැන්නක් කිරීමට ඔවුන්ට අත්දැකීම් හෝ දැනුමක් ද නොතිබුණි. රාමෝස් පැමිණ සිටියේ යටත්වීමේ අදහසින් නොවන බව පැහැදිලිය.
පොලිසියට උදවු අවශ්‍ය විය.
ප්‍රාථමික පාසලේ වෙඩි තැබීමක් සිදුවුණු බවත් ගැටවර තරුණයකු දරුවන්ට වෙඩි තබමින් පොලිසිය සමඟ ද වෙඩි හුවමාරුවක පැටළී සිටින බවත් ඇමෙරිකන් මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාවට සිටි, දේශසීමා ආරක්ෂක නිලධාරියකුට අසන්න ලැබුණි.
දේශසීමා ආරක්ෂක නිලධාරීන් යනු මනා පුහුණුවක් ලබා ඇති නවීන පන්නයේ අවි ආයුධ සහ උපංගවලින් සන්නද්ධ පිරිසකි. එම නිලධාරියා වහා ඔහුගේ කණ්ඩායම සමග පාසලට පැමිණියේය. ඒ වනවිට දහවල් 12 පසු වී තිබුණි.
දහවල් එක පමණ වනවිට එම නිලධාරියා ඇතුළු ඔහුගේ කණ්ඩායම රාමෝස් වට කර ඔහුට වෙඩි තබා ඝාතනය කළේය. පැය කීපයක භීෂණය ඒ අනුව නිමාවට පත් විය.
ප්‍රාථමික පාසලේ සිදුවුණු වෙඩි තැබීමෙන් අවුරුදු 7 ත් 11 ත් වයසේ කුඩා දරුවන් 19 දෙනු ඇතුළු ගුරුවරුන් දෙදෙනකු මියයෑමේ සිද්ධිය ඇසීමෙන් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හදිසි මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසුවේය.
ඇමෙරිකාවේ ගිනි අවි සම්බන්ධ නීති දැඩි කිරීම කඩිනමින් ආරම්භ කළ යුතු බවත්, ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන්ගේ සහාය ඊට අවශ්‍ය බවත් බයිඩන් පැවැසුවේ ආවේගශීලීවය. ‘දෙවියන්ගේ නාමයෙන්, අප කොහොමද තවත් බලන් ඉන්නේ. ගිනි අවි පාලනයට නීති ඕනෑ.’ යැයි ජනාධිපති බයිඩන් පැවැසීය.
බයිඩන්, සෙනෙට් සභිකයකු ලෙසත්, ඇමෙරිකන් උප ජනාධිපතිවරයා ලෙසත්, වත්මන් ජනාධිපති ලෙසත් රටේ ගිනි අවි පාලනයට දැඩි නීති අවශ්‍ය බව දිගින් දිගටම පෙන්වා දුන් අයෙකි. බයිඩන් උප ජනාධිපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමා ඇමෙරිකා ජනාධිපති ලෙස කටයුතු කරද්දීය.
‘දරුවකුගේ වියෝව මාපියන්ට දරා ගන්න බැහැ. එය වචනයෙන් කිව නොහැකි වේදනාවක්. ඔබේ ආත්මයෙන් කොටසක් උදුරා ගැනීමක් වැනි හැඟීමක්’ යැයි ජනාධිපති බයිඩන් පැවැසුවේය. බයිඩන් මෙසේ කීවේ ඔහුගේ ජීවන අත්දැකීම් අනුවය.
බයිඩන්ට ඔහුගේ කුඩා දියණිය අහිමි වූයේ 1972 වසරේ සිදුවුණු රිය අනතුරකිනි. එම අනතුරින් බයිඩන්ගේ පළමු බිරිඳ ද ජීවිතක්ෂයට පත්වූවාය. ඉන්පසු බයිඩන්ට ඔහුගේ තරුණ පුතු බෝ බයිඩන් අහිමි වූයේ 2015 වසරේදීය. බෝ බයිඩන් මියගියේ මොළයේ පිළිකාවක් හේතුවෙනි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCV5YflcBv1yn_k2wfJSmlnQbLty2VXTi_8gDOHWhwUa_KJ0wTa4arLGyF9k9iZeUuDgaGcXEA8i8vmb67RWIGiMamHWUjnkdhZ9E8J4rUaKpfWhDvbDwnhNXI_3JTao_nNbAV1hbvsL3pDtDzX5HLJm1WS9aiCgcA4nuvpOo50k2H1Z0OtUz2Z3d8Rg/w640-h454/2022.05.28-01.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjN3kR6dCOZG3vuZuRoyD2LeeHqbURFcDcCV7aZUrAf9axPuPtsjlGx3CYUQcy1i30rGJVzEmStD4cvjJW5cxZEUZyegCoGhWl0wKnsKTOBlwqNCjIYHKUP8dE2g2mwfH9M03KTDjfw-cLTrVaCFJZ4xDXuIrD--i1VEABoRgECLy0VQyZMdjHaVj9IqQ/s16000/2022.05.28-02.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhkwckvuVKV22SB__2__chArp0i6_lQ6rXz9kOQEsEL6Z5BlwDVW0lQTr_hHwoccvr98vo1V9dGVrLJsrZzDXMSNzyGZsErImnlMgCIORYZelbTMZlc3gBPRwE2H2rgixetozU6U4G2Yigs6VzKaKooLrebFdv--8aEPIzUCTBtypsi5EJV41wKUmXTg/s16000/2022.05.28-05.jpg)
හැරී කුමරුන්ගේ බිරිද මේගාන් මාකෙල් ද මියගිය දරුවන් වෙනුවෙන් ශෝඛය පළ කරමින් ...
“පාසලේ වෙඩි තැබීමෙන් මියගියේ තුන, හතර, පහ ශ්‍රේණිවල අවුරුදු 7 ත් 11 ත් වයසේ අහිංසක පොඩි දරුවන්. ඔවුන්ට මැරෙන්න වුණේ මොන වරදක් කළාටද? ඒ දරුවන්ගේ මාපියන් හඬා වැළපෙනවා. පොඩි දරුවන් එවැනි බිහිසුණු අත්දැකීමකට මුහුණ දිය යුතු නැහැ. සිදුවුණේ ඛේදවාචකයක්. ගිනි අවි සම්බන්ධයෙන්, ගිනි අවි මිලදී ගැනීම සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් දැඩි නීති අවශ්‍ය බව මා දිගින් දිගටම පවසා තිබෙනවා. දැන්වත් ඇමෙරිකානුවන් සැවොම ඊට කන් දිය යුතුයි. දැන්වත් අප දේශපාලනික බෙදීම් අමතක කරමින් නිවැරදි තීරණ ගත යුතුයි” යැයි බයිඩන් මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.
ප්‍රාථමික පාසලේ වෙඩි තැබීම සිදුවූයේ ජනාධිපති ජෝ බයිඩන් ආසියානු සංචාරය අවසන් කරමින් ජපානයේ සිට ආපසු ඇමෙරිකාව බලා පැමිණෙද්දීය. බයිඩන් රැගත් එයාර් ෆෝස් 1 නිල ගුවන් යානය වොෂින්ටනයට ගොඩබෑවේ රාත්‍රී 7 ටය. ධවල මන්දිරයට යන සැණින්, බයිඩන්ගේ මාධ්‍ය හමුවට සියල්ල සූදානම් කර තිබුණි. වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බයිඩන්, සංවේදී වූයේ රාත්‍රී 8.45 ට පමණය. ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ද එම මාධ්‍ය හමුවට එක් ව සිටියාය.
෴ උපුටා ගැනීම - Daily Mail