සිංගප්පූරුවේ මුත්‍රවලින් බීර පෙරනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 27, 2022

සිංගප්පූරුවේ මුත්‍රවලින් බීර පෙරනවා

සිංගප්පූරුව නිපදවූ නව බීර වර්ගයක් ජනප්‍රිය වෙමින් පවතී. මෙම බීර නිපදවන්නේ මුත්‍ර මුසු අපවහන ජලය ඉතා හොඳින් පෙරා පිරිසුදු කර ගැනීමෙනි. 'නිව්බෲ' යන නමින් නම් කළ මෙම බීර මේ වනවිට සිංගප්පූරු වැසියන් අතරේ පමණක් නොව, විදේශිකයන් අතරේ ද ප්‍රචලිතය. 

මුත්‍ර මුසු වුණු අපජලය හොඳින් පෙරා පිරිසුදු කර ගැනීමෙන් පසු එය 'නිව්වෝටර්' යනුවෙන් හැඳින්වෙයිත 'නිව්බෲ' බීරවල 'නිව්වෝටර්' සියයට 95 ක් අඩංගු බව එහි නිෂ්පාදකයෝ පවසති. සිංගප්පූරු රජය ජලය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවට නංවා ඇති අතර එහි එක් අදියරක් වන්නේ මෙම බීර නිෂ්පාදනයයි. 

සිංගප්පූරුවේ 'ජාතික ජල සතිය' යන නමින් අප ජලය ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත් වුණු අතර, 'නිව්බෲ' බීර හඳුන්වා දීම ඊට සමගාමීව සිදුවූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

'නිව්බෲ' බීර වෙළෙඳපොළට හඳුන්වා දීම සිදුවූයේ පසුගිය අප්‍රේල් 8 වැනිදාය. ඒ, ජාතික ජල ප්‍රතිචක්‍රීකරණ ආයතනය සහ දේශීය බීර නිෂ්පාදන සමාගමක් වන 'බෲකර්ස්' සමාගම හවුල් වෙමිනි. 

 පානය කිරීමෙන් පසු මී පැණි රස මෙන් පැණි රසක් දැනෙන බව පැවැසෙන 'නිව්බෲ' නිපදවීමට ජර්මනියෙන් මිලදී ගන්නා ඉතා උසස් තත්ත්වයේ බාර්ලි මෝල්ට් ඇතුළු අමුද්‍රව්‍ය මෙන්ම නෝර්වේ රටින් ගෙන්වන ඉහළ ඉල්ලුමක් ඇති විශේෂ ඊස්ට් වර්ගයක් ද භාවිතයට ගැනෙයි.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom