යොහානිට ඩුබායි ‘ගෝල්ඩන් වීසා’ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 18, 2023

යොහානිට ඩුබායි ‘ගෝල්ඩන් වීසා’

සංගීත ක්ෂේත්‍රයේ ඉතා කෙටි කාලයකින් ජනප‍්‍රිය වෙමින්, රසික ආදරය හිමිකරගත් යොවුන් ගායන ශිල්පිනියක වන්නේ යොහානි ද සිල්වාය. යොහානි අද විදේසවල පවා ආදරය දිනාගත් ගායන ශිල්පිනියකි.

අද වනවිට ඇය ඇගේ දක්ෂතා නිසාම ඩුබායිහි නිලධාරීන් විසින් පිරිනමන ගෞරවණීය සම්මානයක් වූ ගෝල්ඩන් වීසා සම්මානය හිමිකරගෙන අවසන්ය. මෙම සම්මානය සංස්කෘතිය, කලා හා විනෝදාස්වාදය ආදී විවිධ ක්ෂේත‍්‍ර සදහා දායකත්වය ලබාදෙන දක්ෂයින් සඳහා ඩුබායි නිලධාරීන් විසින් පිරිනමන සම්මානයකි. 

සම්මානය යොහානිට ලබා දී ඇය ඇගයීමට පාත‍්‍රකර ඇත්තේ ඇය ලාංකීය ජන සංගීතයත්, පොප් සංගීතයත් මිශ‍්‍ර කරගනිමින් තමන්ගේ අනන්‍යතාවක් ප්‍රේක්ෂකයන් අතරට රැගෙන සහ ඒ සඳහා ඇයගේ උත්සාහය සහ උනන්දුව, කැපවීම අගය කිරීම වෙනුවෙනි.

Classified_Ad