Extraction හැඩ කරන ඉරාන නිළිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Jul 31, 2023

Extraction හැඩ කරන ඉරාන නිළිය

sample-ad-complete-big
Extraction-01
2020 වසරේ, ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් අප කවුරු කවුරුත් නිවෙස්වලට කොටුවෙද්දී, Netflix හරහා විකාශය වුණු Extraction ක්‍රියාදාම චිත්‍රපටය සිනමාලෝලීන් අතරේ අතිශය ජනප්‍රිය විය. ක්‍රිස් හෙම්ස්වර්ත් ප්‍රධාන චරිතය නිරූපණය කරන Extraction චිත්‍රපටයේ දෙවැන්නක් නිර්මාණය ‍වූයේ ඒ අනුවය. 

Extraction 2 චිත්‍රපටය Netflix හරහා විකාශය කෙරුණේ පසුගිය ජූනි 13 වැනිදාය. ඉදිරියේ දී තවත් Extraction චිත්‍රපට කීපයක් නිර්මාණය කිරීමට Netflix සූදානමින් සිටී. Extraction චිත්‍රපට ජනප්‍රිය වූයේ මාවල් සුපිරි වීරයා තෝර්ගේ චරිතයට පණ පොවන හැඩිදැඩි කඩවසම් ඕස්ට්‍රේලියානු නළු ක්‍රිස් හෙම්ස්වර්ත් නිසාම නොවෙයි. Extraction චිත්‍රපට ජනප්‍රිය වීමට තවත් හේතුවක් වන්නේ ගල්ෂිෆ්තේ ෆරහානී Golshifteh Farahani ය. 
communityIcon_pihxa2bol1a51
Extraction-02
ඉරාන ප්‍රංශ නිළියක වන ෆරහානී පසුගිය ජූලි 10 වැනිදා 40 වැනි උපන් දිනය සැමරුවාය. අද බෙහෝ දෙනා ෆරහානී හඳුනන්නේ Extraction 1 සහ 2 හරහාය. ඒත්, M for Mother, Body of Lies, About Elly, The Patience Stone, Paterson, Girls of the Sun සහ Pirates of the Caribbean: Dead Men Tell No Tales යනු ඇය රංගනයෙන් එක්වුණු චිත්‍රපට කීපයකි. 

ෆරහානී දෙවරක් විවාහ වූ තැනැත්තියකි. ඇගේ පළමු සැමියා අමීම් මහ්ධවී (2003-2013) ය. 2003 දී ඔවුහු  දෙදෙනා විවාහ වූ අතර, 2013 දී දික්කසාද වූහ. අමීම් මහ්ධවී ප්‍රංශ සිනමාකරුවෙකි. නිෂ්පාදකවරයෙකි. 2015 දී ඇය ඇමෙරිකන් මනෝවිද්‍යාඥ ක්‍රිස්ටෝස් ඩෝර්ජේ වෝකර් සමඟ විවාහ වූවාය. විවාහය පැවැතියේ වසර දෙකක් පමණි. 2017 දී ඔවුහු දෙදෙනා දික්කසාද වූහ. 
AAAAQf6VM6Pt0bukdH0J5KNoEm3BpKwd1v1FHIiEnyjBSgQ4ABGv4zf4eKnjx0dNTPGrMBaTc26yXDX6r870m-i2fhVgu5CyfkK_WLAsatnex7oKmkvBXyugrQ-sfTm2ZNfrYjcslPyK5cjfuQ0mzUwsZIOk
e1_2023-06-13_23-48-21
ගල්ෂිෆ්තේ ෆරහානී යන නමින් රංගනයට පිවිසියත්, ගල්ෂිෆ්තේ ෆරහානීගේ උපන් නම රහවාද් ෆරහානී ය. ඇය උපන්නේ 1983 ජූලි 10 වැනිදා ඉරානයේ තෙහෙරාන් අගනුවරදීය. අද ඇය ඉරාන ප්‍රංශ පුරවැසිභාවය හිමි තැනැත්තියකි. 

ෆරහානී රංගනයට පිවිසියේ 1996 වසරේ සිටය. 2014 ‘සීසර්’ සම්මාන උළෙලේ දී හොඳම නැගී එන නිළියට හිමි සම්මානයට ෆරහානීගේ නම යෝජනා විය. ඒ The Patience Stone චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනි. 
Pic%2001
මව, පියා, සොහොයුරිය සමඟ
ෆරහානීගේ පියා බෙහ්සාද් ෆරහානීය. බෙහ්සාද්, රංගන ශිල්පියකු මෙන්ම සිනමා අධ්‍යක්ෂවරයකු ද වෙයි. මව ෆහීමේ රහීම් නියා ය. ෆරහානීගේ නැගණිය ෂග්හායේ ෆරහානී ද වෘත්තීය රංගන ශිල්පිණියකි. ෆරහානී කුඩා කළ සිටම සංගීතය සහ පියානෝ වාදනය හැදෑරුවාය. වැඩි දුර සංගීතය හැදැරීම කළේ තෙහෙරාන් අගනුවර සංගීත පාසලෙනි. ඇය සිනමා විචාරකයන්ගේ පැසසුමට ලක් වූයේ අවුරුදු 14 දීය. ඒ, The Pear Tree චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනි.

෴ ලුසිත ජයමාන්න

Classified_Ad