ඇමෙරිකා-ශ්‍රී ලංකා නව තානාපතිනිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Nov 24, 2026

ඇමෙරිකා-ශ්‍රී ලංකා නව තානාපතිනිය

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය අමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පත් කිරීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසා ඇත. 

මාත්‍ය විජිත හේරත් මහතා මෙසේ පැවැසුවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදීය. ශ්‍රී ලංකා විදේශ සේවයට 1996 වසරේදී එක් වූ රණරාජා මහත්මිය වසර 30කට ආසන්න රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් සතු ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියකි. 

 ඇය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස 2024 නොවැම්බර් මාසයේදී පත් වූවාය. ඊට පෙර ඇය එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක සහ සන්ධාන ප්‍රධානී (Chief of Protocol) ලෙස සේවය කළාය. 

අරුණි රණරාජා මහත්මිය නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය සහ රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ (OPCW) නිත්‍ය නියෝජිතවරිය ලෙස (2021–2024) මෙන්ම පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙසද (2015–2019) කාලයක් කටයුතු කර ඇත.

Classified_Ad