නිරෝගීව ඉන්න රකුල්ගෙන් උපදෙස් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 20, 2021

නිරෝගීව ඉන්න රකුල්ගෙන් උපදෙස්

නිරෝගී වෙන්න රකුල්ගෙන් උපදෙස් රකුල් ප්‍රීත් සිං තෙලිගු, දෙමළ සහ හින්දි සිනමා නිළියක සහ නිරූපිකාවකි. 30 හැවිරිදි රකූල් ප්‍රීත් සිං ක්‍රියාශීලී තැනැත්තියකි. 

පසුගිය දෙසැම්බරයේ රකූල් කොවිඩ් 19 ආසාදිතයකු ලෙස තහවුරු වුණු අතර ඇය වෛද්‍ය උපදෙස් මත නිරෝධානයටය ලක් වූවාය. කෙසේ නමුත් දින කීපයකදී සුවය ලැබීමට ඇය සමත් වූවාය. රකූල් කොරෝනා ආසාදිතයකු වූයේ ඉන්දියාව පළමු කොරෝනා රැල්ලට මුහුණ දෙද්දීය. 

ඒත් දැන්, ඉන්දියාව මුහුණ දෙන දෙවැනි කොරෝනා රැල්ල වඩා බිහිසුණු ස්වරූපයක් ගනී. දිනපතා රෝගීන් ලක්ෂ 3 ත් 4 ත් අතර වාර්තා වෙයි. දෛනික මරණ 4,000 පසු කර තිබේ. 
දෙවැනි කොරෝනා රැල්ල හමුවේ පීඩාවට පත් ව සිටින ඉන්දියානුවන් කළ යුතු සහ නොකළ යුතු දේ මොනවාද යන්නත්, නිරෝගීව සිටීමට සමබල ආහාර ගැනීමේ වැදගත්කම පෙන්වා දීමටත් රකුල් කටයුතු කර තිබේ. 

ඒ ඇගේ ඉස්ටග්‍රෑම් ගිණුම ඔස්සේය. රකූල් ඇගේ පෝෂණවේදිය ඇයට ලබා දුන් උපදෙස් ඇතුළත් පෝස්ටුවක් ද ඉස්ටග්‍රෑම් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කර ඇත. 

 “රෝග ලක්ෂණ තිබෙනවා නම්, ඔබ පළමුවෙන්ම කළ යුත්තේ කොරෝනා ආසාදිතයකු ද නැද්ද යන්න සොයා බැලීමට පරීක්ෂණවලට යොමු වීමයි. කොරෝනා ආසාදිතයකු නොවේ නම්, ඔබ මේ වෙලාවේ කායිකව පමණක් නොව මානසිකව ද ශක්තිමත් වී සිටිය යුතුයි. නිරෝගීව සිටීමට නම්, සමබල ආහාර ගැනීම වැදගත්. දියර වර්ග කොපමණ පානය කළත් ගැටලුවක් නැහැ. පැණිරස අඩු කරන්න ඕනෑ” යැයි එම පණිවුඩයේ සඳහන් වී ඇත.
“ව්‍යායාම කරන්න කැලරි වැඩි ආහාර ගැනීමෙන් වළකින්න, අධික ලෙස ජීර්ණය වන ආහාර වලින් ගන්න එපා, කිරි, බැදපු සහ ශීත කළ ආහාර වලින් වළකින්න. සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායී ආහාර අනුභව කරන්න, උණුසුම් තේ, සුප් වලට කැමති වන්න. කඩචෝරු කන්න එපා. ඔබ සැහැල්ලු ආහාර අනුභව කරන්න.” යනුවෙන් ද එම ඉස්ටග්‍රෑම් පණිවුඩයේ සඳහන් වෙයි. 

මීට අමතරව රකූල් ප්‍රීත් සිං, රොනී ස්කෘවාලාගේ ආර්එස්වීපී චිත්‍රපට සමාගම සමඟ ආන්දෝලනාත්මක චිත්‍රපටයකට අත්සන් තබා ඇති බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. එම චිත්‍රපටයේ ඇය රංගනයේ යෙදෙනු ඇත්තේ කොන්ඩෝම් පරීක්ෂා කරන තරුණියක ලෙස යැයි ද පැවැසෙයි. 

මෙම චිත්‍රපටයේ මෙම චරිතයට පළමුවෙන් තෝරා ගෙන ඇත්තේ සාරා අලි ඛාන් ය. ඒත් සරාගී ජවනිකා රැසක් ඇති බැවින්, සාරා එම චරිතය ප්‍රතික්ෂේප කළ අතර, ඉන්පසු අනන්යා පාණ්ඩේ ට අවස්ථාව ලැබුණි. ඇය ද චරිතය ප්‍රතික්ෂේප කළ අතර, රොනී ස්කෘවාලාගේ තේරීම වූයේ රකුල් ය. 
කොන්ඩම් පරීක්ෂකයෙකු යනු කොන්ඩම් වෙළඳ නාමයන් විසින් වෙළඳපොළට මුදා හැරීමට පෙර ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා කුලියට ගත් සේවකයෙකි. ඉන්දීය සමාජය අමුතු අමුතු විශ්වාසවලින් පිරි තැනකි. කොන්ඩම් භාවිතය සම්බන්ධයෙන් එවැනි විශ්වාස පවතී. ඒක් විශ්වාසයක් වන්නේ, කොන්ඩම් භාවිතය සුදුසු නැති බවටය. 

ඒ අනුව, කොන්ඩම් පරීක්ෂකවරියක පාදක කර ගනිමින් නිර්මාණය වන මෙම චිත්‍රපටය ප්‍රහසන චිත්‍රපටයක් වනු ඇතැයි ද පැවැසෙයි. 

ඊට අමතරව, කාශ්වි නයාර් අධ්‍යක්ෂණය කරන 'සර්දාර් කා ග්‍රෑන්ඩ්සන්' චිත්‍රපටයේ ද රකූල් දචායක වී සිටී. මෙම චිත්‍රපටයට අර්ජුන් කපූර් සහ නීනා ගුප්තා ද රංගනයෙන් දායක වනු ඇති අතර ජෝන් ඒබ්‍රහම් සහ නිඛිල් අද්වානි එක්ව නිෂ්පාදනය කර ඇත. 

'සර්දාර් කා ග්‍රෑන්ඩ්සන්' පසුගිය මැයි 18 වැනිදා සිට නෙට්ෆ්ලික්ස් හරහා නැරඹීමට අවස්ථාව උදා වී තිබේ. පසුගිය පෙබරවාරි 26 වැනිදා රකුල්ගේ රංගනය දකින්න ලැබුණේ 'චෙක්' නමැති තෙලිගු චිත්‍රපටයෙනි. ඉදිරියේ දී රකුල්ගේ රංගනය දැකිය හැකි, තිරගතවීමට නියමිත චිත්‍රපට වන්නේ 'මේ ඩේ' සහ 'ඇටෑක්' ය.

Times of India

Classified_Ad

Classified_Ad_News_Bottom