හොඳට සෙක්ස් කළොත් හොඳට නින්ද යනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Mar 28, 2021

හොඳට සෙක්ස් කළොත් හොඳට නින්ද යනවා

sample-ad-complete-big
Couple-Sleeping-2021
රාත්‍රී නින්ද සිරුරට අවශ්‍යය. එක දිගම රැය පහන් වන තුරු නිදා ගැනීම ගතසිත නිරෝගී කරයි. 

බොහෝ දෙනා විවාහකයන් පමණක් නොව තනිකඩයන් ද දිගු නින්දක් නොමැතිවීමෙන් නොයෙක් නොයෙක් පීඩාවලට පත් වන අවස්ථා එමටය. හොඳට නිදා ගැනීමට ඇතැමුන් ඖෂධ පාවිච්චියට ද යොමු වී ඇත. 

ඇබ්බැහි වී ඇත. නිරෝගී දිවියකට, දිගු නින්දකට හොඳම ඔසුව නම්, වෙන කිසිවක් නොවේ, නින්දට පෙර ලිංගික සංසර්ඝය බවත්, සුරාන්තයට පත්වීම හරහා සිරුරේ හෝමෝන ක්‍රියාකාරී වී, සිරුරට අවශ්‍ය නින්ද ලැබෙන බවත් ඕස්ටේලියාවේ ක්වීන්ස්ලන්ඞ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

නින්දට පෙර, ස්වං වින්දනයෙහි යෙදෙන බොහෝ දෙනකු ද රැය පහන් වනතුරු දිගටම නිදා ගන්නා නමුත්, ලිංගික සංසර්ඝයකදී මෙන් එහිදී සිරුරේ හොමෝන ක්‍රියාත්මක වන්නේ අඩුවෙන් බවත් පර්යේෂකයෝ පැහැදිලි කරති.

ඕස්ටේලියානු වෛද්‍ය පර්යේෂකයන් ඔවුන්ගේ පර්යේෂණ සිදුකර ඇත්තේ විවාහක යුවල 778 ක් සමඟ ඔවුන්ගේ අත්දැකීම් සම්බන්ධයෙන් විමසා බැලීමෙන් යැයි ‘ද සන්’ වෙබ් අඩවිය සඳහන් කරයි. 

ද සන් ඇසුරිනි

Classified_Ad