අලුත් හෙඩිමක් ඕනෑකර තිබේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 1, 2021

අලුත් හෙඩිමක් ඕනෑකර තිබේ

පාඨකයා වඩාත් හොඳින් පොළඹවා ගැනීමට භාෂාව සතු නිර්මාණාත්මක ගුණයයි භාවිතා කරනු ලබයි. මිනිසාගේ පරිකල්පන ශක්තිය, සිතුම් පැතුම්, ක්‍රියා කලාප සියල්ල භාෂාව මත තීරණය වන්නේය. ප්‍රවෘත්ති මහජනයාට අලෙවි කළ හැකි ලාභදායී භාණ්ඩයක් බැවින් එහි ආකෘති හා අන්තර්ගත දිනෙන් දින වෙනස් විය. 

ඒ අතරින් වඩාත් ප්‍රචලිතව තිබුණේ පුවත්පත් භාෂාවයි. ප්‍රවෘත්ති රචනයේදී ග්‍රාහකයාට ඉතා සමීප වූ රටාවන් භාවිතා කරන්නේය. මාධ්‍යයට අදාළ භාෂාවක් භාවිතා කිරීම සෑම මාධ්‍යවේදියෙක්ම සිදුකළ යුත්තේ පුවතෙහි වටිනාකම ආරක්ෂා කරමිනි. 

‘ශීර්ෂපාඨ පාඨකයන් නැමති මසුන් බෑමට යොදා ගන්නා ඇම වැනි යැයි’ ඉන්දීය පුවත් කතුවරයෙක් වූ විනායක් පුරෝහිත් පවසා ඇත. පුවතේ නිර්මාණාත්ක කර්තව්‍ය සිදු කරන්නේ සිරස්තල විසිනි. ශීර්ෂ පාඨයකින් පුවත සංකෝචනය කර දක්වන අතර, පුවතේ වැදගත් කම තීරණය කරයි. එසේම කියවන්නා ආශක්ත කර ගැනීමට සමර්ත වේ. ශීර්ෂපාඨ යොදන්නෙකුගේ ශබ්දකෝෂය පුළුල් විය යුතුය. සාරාංශකරණයෙහි දක්ෂයෙක් විය යුතුය. එබැවින් සරලව ලිවීම කෙනෙකුට හොඳ මිනිසෙකු බවට පත්වීම තරම්ම දුෂ්කර බැව් සමර්සෙට් මෝම් නම් සාහිත්‍යකරුවා ප්‍රකාශ කර ඇත.

“රිය දෙකක් ගැටී එකක් බේරේ” “බෝට්ටුවක් පෙරලී දෙකක් බේරේ, තුනක් බේරේ” ඩඩ්ලි සේනානායක මැතිතුමාට ආසන තුනම අහිමි වීම සිරිලාල් කොඩිකාර ඇත්ත පුවත්පත සිරස්තල “ඩඩ්ලිට තුනම නෑ” සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1975 දී මැයි දින සැමරුම දින කිහිපයකින් කල් දැමීම හේතුවෙන් ඇත්ත පුවත්පත් සිරස්තල - “සිරිමා මැයි පස්සට දමයි” 1985 අයවැය වාර්තාව සකස් කරමින් පවසා ඇත්තේ පසුගිය අයවැයෙහි තිබූ සියලු සිදුරු මෙවර අය වැයෙන් වසා දැමූ බවයි . 

ඒ අනුව ඇත්ත පුවත්පත “මෙවර අය වැය හිල් මැකූ අය වැයක් ” ජේ.ආර් ජයවර්ධන ජනාධිපති පාන් මිල ඉහළ දැමීම නිසා “ උතුමාණෙනි දැන් ... පාන්...” මෙවැනි වූ ආකර්ශනීය සිරස්තල භාවිතයක් අද්‍යතන පුවත්පත් රචනය තුළ දක්නට නොලැබෙන අතර, පුවත් පතට පසු ආගමනය වූ පුවත් වෙබ් අඩවි සිරස්තල භාවිතයද පුවතේ අන්තර්ගතයට හානිවන අයුරින් හෝ කිසිම ගැලපීමකින් තොරව භාවිතා වන බවක් දක්නට ලැබේ. 

විශේෂයෙන් ගොසිප් වෙබ් අඩවි තුළ හුදෙක් කියවන්නා ආකර්ශනය කර ගැනීම පමණක් ම අරමුණු කරගෙන පුවතට කිසිදු සම්බන්ධයක් නැති ශීර්ෂපාඨ යොදනු දක්නට ලැබේ. පුවත් වාර්තාකරණය ඉතා වැදගත් ප්‍රපංචයක් වන්නේය. බොහෝ විට පුවත ලියන්නේ වෙනත් අයෙක් ශීර්ෂපාඨ යොදන්නේ වෙනත් අයෙක් වේ. පුවත් වල ශීර්ෂපාඨ කියවා සමස්ත පුවත පිළිබඳ තීරණය කිරීම පැරණි ඒකක් වන බව ට කෙනෙකුට පැවසිය හැකිය. 

අද වනවිට මෙරට ප්‍රධාන  පෙළේ වෙබ් පුවත් අඩවියක ශීර්ෂපාඨ සම්බන්ධයෙන් 'ෆේස්බුක්' ඔස්සේ කතාබහක් නිර්මාණය වී ඇත. සිංහල භාෂාවේ සාහිත්‍ය යෙදුම් වාගලංකරණය යොදා ගැනීම සම්බන්ධයෙන් කථිකාවතක් නිර්මාණය වී ඇත. නිර්මාණශීලී සන්නිවේදකයෙකුට - නිර්මාණශීලිත්වය හා අපූර්වත්වය සහිත ප්‍රතිභා ශක්තිය , ව්‍යංගාර්ත තුළින් මතුවන වක්‍රෝති ප්‍රතිභාව හා කෞෂල්‍යතාවය අවශ්‍ය වේ. 

ශීර්ෂපාඨ භාවිතය නිසා සාහිත්‍ය පිළිබඳවත්, ප්‍රවෘත්තිකරණය පිළිබඳවත් නව කතිකාවක් බිහිවී තිබීම ද නව ප්‍රවණතාවයකි. නමුත් ප්‍රවෘත්තිකරණයේ සැබෑ වගකීම, ශීල්පක්‍රම සහ අර්ථාන්විත භාවිතය පිළිබඳ අවබෝධය වඩා වැදගත් වන්නේය. 

෴ නිසංකා සංදීපනී 

Classified_Ad

Classified_Ad_News_Bottom