වතුකරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 ක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 27, 2020

වතුකරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 ක්

වතුකරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700ක් කිරීමට කලාපීය වැවිලි සමාගම් සහ ලංකා වැවිලිකරුවන්ගේ සංගමය යෝජනා කර තිබේ.


වතු කම්කරුවන්ගේ දෛනික ඉපැයීම් ඉහළ දැමීම අරමුණු කරගත් නව යෝජනා මාලාවක් ඉදිරිපත් කරමින් මෙලෙස වතුකරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700ක් කිරීමට යෝජනා කර ඇත. 


නව යෝජනාව පරිදි දෛනික වැටුප් ක‍්‍රමවේදයට අනුව වතු කම්කරුවන්ට එක් දිනක් වැඩ කිරීම සඳහා රුපියල් 1025ක් ගෙවීමට තීරණය කර ඇති අතර ඒ අනුව මූලික වැටුප රුපියල් 700 ක් වේ. ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. රුපියල් 105 ක් ද, පැමිණීමේ දීමනා රුපියල් 70 ක් ද, නිෂ්පාදන දීමනා රුපියල් 75 ක් සහ නෙලනු ලබන වැඩිපුර තේ දළු සඳහා දීමනා ලෙස රුපියල් 75 ක් ද වශයෙන් කම්කරුවන්ට මෙම දෛනික වැටුපට හිමි වනු ඇත.


කම්කරුවන්ට මෙම ආකෘතිය යටතේ නිසි පරිදි වැටුප් ලබා දීමක් සිදුවුවහොත් ඔවුන්ගේ මාසික ඉපැයීම රුපියල් 4,250කින් පමණ ඉහළ යනු ඇතැයි ද ලංකා වැවිලිකරුවන්ගේ සංගමය කියයි. 


මේ අතර වතු කම්කරුවන් තේ දළු නෙලීමේ සම්මත ප‍්‍රමාණය ඉක්මවා ගියහොත් ඔවුන්ට ඉතා ඉහළ මාසික වැටුපක් හිමි කර ගැනීමට ද මෙයින් හැකියාව ලැබෙන බව ද ලංකා වැවිලිකරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


නව යෝජනා යටතේ කලාපීය වැවිලි සමාගම් ස්ථාවර දෛනික වැටුප් ලබා දීම අඛණ්ඩව සිදු කරනු ඇති අතර පැමිණීමේ දීමනා, ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා කම්කරුවන්ව දිරිගැන්වීමක් ලෙස ලබා දෙන ගෙවීම් ආදිය නැවත හඳුන්වා දෙනු ඇත. 


එමෙන්ම දින තුනක දෛනික වැටුපක් හා දින තුනක ඵලදායිතාවය මත පදනම් වූ ගෙවීමක් යන වැටුප් ක‍්‍රමවේද දෙකෙහි එකතුවක් ද සමඟින් නව යෝජනාවක් ද කලාපීය වැවිලි සමාගම් විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ. එහිදී කම්කරුවන්ට ඔවුන්ගේ අස්වැන්න මත පදනම්ව ඔවුන්ගේ ඉපැයීම් ඉහළ නංවා ගැනීමට හැකියාව ඇත.


ඵලදායිතාව හා බැඳුණු නව යෝජනා යටතේ ඉදිරිපත් කර ඇති පළමු විකල්ප යෝජනාව වන්නේ කම්කරුවන් විසින් නෙලන ලද සෑම අමු තේ දළු කිලෝග‍්‍රෑම් එකක් සඳහා (ඊ.පී.එෆ්./ඊ.ටී.එෆ්. ඇතුළුව) රුපියල් පනහක මිලක් ගෙවීමයි. ඒ අනුව වතු කම්කරුවන් දිනකට තේ දළු කිලෝග‍්‍රෑම් 30-40ත් අතර ඉහළ තේ අස්වැන්නක් ලබා ගන්නා විට (දැනට පවතින සම්මතයට වඩා) ඔවුන්ගේ ඉපැයීම් වඩාත් ඉහළ නංවා ගැනීමට මෙහිදී හැකියාව ලැබේ. 


රුපියල් 50ක ගෙවීම අනුව තේ දළු කිලෝග‍්‍රෑම් 20ක් නෙලන කම්කරුවෙකු සඳහා දිනකට රුපියල් 1000 ක ගෙවීමක් ලැබෙන ඇති අතර එහිදී මාසික වැටුප රුපියල් 25,000ක් වනු ඇතැයි ද එම සංගමය කියයි. 


වර්තමානයේදී කලාපීය වැවිලි සමාගම්වලට අයත් වතුවල තේ දළු නෙලීමේ සාමාන්‍ය දිනකට කිලෝග‍්‍රෑම් 20-22ත් අතර වන බවත් කෙසේවෙතත් හොඳම තේ දළු නෙලන්නන්ගෙන් බහුතරයගේ දිනක අස්වනු නෙලීමේ සාමාන්‍ය වන්නේ තේ දළු කිලෝග‍්‍රෑම් 30-40ත් අතර ප‍්‍රමාණයක් බවත් එම සංගමය පවසයි. 


මින් අදහස් වන්නේ එම වැටුප මාසිකව රුපියල් 37,500 සිට රුපියල් 62,000 ක් දක්වා වැඩි කර ගැනීමට මෙම ක‍්‍රමය යටතේ වතු කම්කරුවන්ට හැකියාව ඇති බව ද සංගමය සඳහන් කරයි. ජාතික විකුණුම් අනුපාතයෙන් (NSA) සියයට 35 කොටසක් මත පදනම්ව කම්කරුවන්ව ලැයිස්තුගත කිරීම ද තවත් විකල්ප යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබේ. 

Classified_Ad

Classified_Ad_News_Bottom