සුරේෂ් රයිනා අත්අඩංගුවට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Dec 27, 2020

සුරේෂ් රයිනා අත්අඩංගුවට

කොවිඞ්-19 සෞඛ්‍ය නීතිරීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මුම්බායි ගුවන්තොටුපල අසල මුම්බායි ඩ්‍රැගන්ෆ්ලයි සමාජ ශාලාවේදී කළ වැටලීමකදී, හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනා, මුම්බායි පොලීස්  අත්අඩංගුවට ගනු ලැබුණි.


සමාජ ශාලාව වටලද්දී, බොලිවුඩ් ජනප්‍රිය ගායක ගුරු රන්ධාවා සහ රිතික් රෝෂන්ගේ හිටපු බිරිඳ සූසෑන් ඛාන්ද එම සමාජ ශාලාවේහි සිටි බව ද වාර්තා වේ.


මෙම සියලු දෙනාම පසුව ඇප මත නිදහස් කළ නමුත් කොවිඞ්-19 ආරක්‍ෂක නියමයන් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත.


ඉන්දීය පුවත් සේවා ඇසුරිනි

Classified_Ad