වොන්ඩර් වුමන්ට විරෝධයක්! - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 27, 2020

වොන්ඩර් වුමන්ට විරෝධයක්!

හොලිවුඩ් නිළියක වන ගැඩොඩ් ලොකු කුඩා කා අතරේත් ප්‍රකටව සිටින්නේ DC විත්‍රකතා වීරවරියක වන 'වොන්ඩර් වුමන්' ගේ චරිතයට පණ පෙවීමෙනි. 

කොරෝනා වසංගතය හේතුවෙන් තිරගත වීම් දිනෙන් දින ප්‍රමාද වූ වොන්ඩර් වුමන්ගේ දෙවැනි වික්‍රමය එනම් WW84 පසුගිය 25 වැනිදා එනම් නත්තල් දා ලොව සැමට HBO MAX හරහා නැරඹීමට හැකිවිය. ඒ, චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් වන Warner Bros ගත් තීරණයකට අනුවය. WW84 තිරගතවීමට නියමිතව තිබුණේ පසුගිය අගෝස්තු 14 වැනිදාය. WW84 චිත්‍රපට දින තුනක් ඇතුළත ඇමෙරිකන් ඩොලර් මිලියන 16.7 ක මුදලක් ඉයැයූ බව ද වාර්තා වේ.


වොන්ඩර් වුමන් හැදුණු හැටි. චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා පැටී ජෙන්කින්ස්, ගැල් ගැඩොට්, ක්‍රිස් පයින්, 
කර්ස්ටින් විග් සහ පේඩ්‍රෝ පැස්කල් සමඟ

විචාරකයන් බොහෝ දෙනකු වොන්ඩර් වුමන් 2 ගැන පැහැදීමකින් කතා නොකරන නමුත්, මේ වනවිටත් වොන්ඩර් වුමන් 3 චිත්‍රපටය නිර්මාණයට සියල්ල සූදානම් බව ද පැවැසෙයි. WW84 අවසානයේ, ඇස්ට්‍රියා නමැති වොන්ඩර් වුමන් හා සමාන ඇමසන් වීරවරිය හඳුන්වා දීම සිදුවූයේ ඒ අනුවය. WW84 අවසානයේ, ඇස්ට්‍රියා ලෙස පෙනී සිටියේ ලින්ඩා කාටර්ය. 70 දශකයේ තිරගත වුණු වොන්ඩර් වුමන් රූපවාහිනී කතා මාලාවේ වොන්ඩර් වුමන් වූයේ ලින්ඩා කාටර්ය. 

වොන්නඩර් වුමන්ට අමතරව, නයිල් රැජින හෙවත් ක්ලියෝපැට්‍රාගේ චරිතයට ද ගැල් ගැඩෙඩ් තෝරා ගැනීම සිදුවුණු අතර ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනකුගෙන් විරෝධයක් එල්ල විය.

ඒ, ඊශ්‍රායල යුදෙව් ජාතික කාන්තාවක වන ගැල් ගැඩොඩ් එම චරිතයට පණ පෙවීම සුදුසු නොවන බව පෙන්වා දෙමිනි. විරෝධතා එල්ල වෙමින් පවතින්නේ සමාජ මාධ්‍ය ඔස්සේය. ඒ, චිත්‍රපටය නිෂ්පාදනය පැරමවුන්ට් සමාගම ඒ බව නිවේදනය කිරීමත් සමගය.ක්ලියෝපැට්‍රාගේ චරිතය සදහා තෝරා ගැනීම කළ යුතු වන්නේ ග්‍රීක නිළියක බව විරෝධතා දක්වන අය පවසයි. ඓතිහාසික විස්තර අනුව, ක්ලියෝපැට්‍රා මැසඩෝනියානු සම්භවයක් ඇති තැනැත්තියකි.

ක්ලියෝපැට්‍රා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරිය වන්නේ ද සම්මානනීය අධ්‍යක්ෂිකාවක වන පැටී ජෙන්කින්ස්ය. 2017 වසරේ තිරගත වුණු වොන්ඩර් වුමන් පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද ජෙන්කින්ස්ය. 


(ඒ.එෆ්.පී.)

Classified_Ad

Classified_Ad_News_Bottom