විකෘති කොරෝනාව ගැන බියක් එපා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 27, 2020

විකෘති කොරෝනාව ගැන බියක් එපා

ලොව අප කාටත් හිසරදයක් වූ ‘කොවිඩ් 19’ වයිරසය, පරාජය කළ හැකි යැයි යන සුබවාදී සිතුවිල්ල පහළ වූයේ, ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී නිපදවූ එන්නත සහ ඇමෙරිකාවේ ‘මොඩර්නා’ ජෛව තක්ෂණ සමාගම නිපදවූ එන්නත ලබා දීම ආරම්භ වෙද්දීය.


කෙසේ නමුත් මේ වනවිට, ‘කොවිඩ් 19’ වයිරසයේ විකෘතිකරණයට ලක් වුණු නව ප්‍රභේදයක් එංගලන්තයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇත. මෙම නව ප්‍රභේදයේ සම්ප්‍රේෂණ වේගය සාමාන්‍ය ‘කොවිඩ් 19’ වයිරසයට වඩා සියයට 70 ගුණයකින් වැඩි බව තහවුරු වී තිබේ.


බ්‍රිතාන්‍ය රජය විසින් පත් කරනු ලැබූ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය වැළැක්වීමේ විද්වත් කමිටුව පැහැදිලි කර ඇති අන්දමට, මෙම නව වයිරස ප්‍රභේදය එංගලන්තයේ නිරිත දෙසින් ව්‍යාප්තවීම ආරම්භ වී ඇත්තේ පසුගිය සැප්තැම්බරයේය.


මෙම දෙසැම්බරය වනවිට කොරෝනා ආසාදිතයන්ගෙන් තුනෙන් දෙකකට නව ප්‍රභේදය ආසාදනය වී ඇතැයි ලන්ඩන් රාජකීය විද්‍යාලය ඔවුන්ගේ අධ්‍යයන වාර්තාවක් මගින් පෙන්වා දී ඇත.


කෙසේ නමුත් මෙම නව ප්‍රභේදය ගැන කලබල විය යුතු නැන. නමුත් බිය විය යුතුය. ඊට හේතුව, මෙහි සම්ප්‍රේෂණ වේගය සාමාන්‍ය ‘කොවිඩ් 19’ වයිරසයට වඩා සියයට 70 ගුණයකින් වැඩිය. මෙසේ පවසන්නේ ලන්ඩන් රාජකීය විද්‍යාලයේ මහාචාර්ය එරික් වෝල්ට්ස් ය.


‘හෙම්බිරිස්සාවට බෙහෙත් නැහැ. හෙම්බිරිස්සාවට හේතුව වයිරසයක්. බැක්ටීරියා ආසාදන මෙන් නොවෙයි, වයිරස ආසාදනවලට බෙහෙත් සෙවීම පහසු කාර්යයක් නොවෙයි. ඊට ප්‍රධාන හේතුව, වයිරසයක්, එක් පුද්ගලයකුට බෝ වී, එම පුද්ගලයාගෙන් තවත් පුද්ගලයකුට බෝ වන්නේ වෙනස් වෙමින්. එසේ වෙනස් වෙමින් යද්දී, වයිරස ජානමය වශයෙන් විකෘති වෙනවා. ඒක එක්තරා ආකාරයකට පරිණාමය වීමක්. ඒ අනුව විකෘති ප්‍රභේද නිර්මාණය වෙනවා. වයිරස යනු සජීවී දෙයක්. වයිරසයක් අඩපණ කිරීමට එන්නත් හෝ ඔසුවක් හෝ නිර්මාණය කළොත්, වයිරසය එයින් බේරීමට සිය ස්වරූපය වෙනස් කර ගන්නවා. වයිරසය කැමති නෑ අඩපණ වෙන්න. කොහොම හරි දිවි රැක ගන්නයි හදන්නේ. වයිරසවල ස්වභාවය එයයි. එසේ වූ විට නිපදවන එන්නතකින් හෝ ඔසුවකින් හෝ පලක් වන්නේ නැහැ.’ යැයි මහාචාර්ය එරික් වෝල්ට්ස් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.


රොයිටර් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom