පිටරට ගිය අපේ කොත්තුව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Dec 27, 2020

පිටරට ගිය අපේ කොත්තුව

sample-ad-complete-big
මෙරටට විදෙස් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ අරමුණෙන් කොත්තු රොටී හා ආප්ප වැනි  ශ්‍රී ලාංකික ආහාර වර්ග සාදන ආකාරය විදේශිකයින්ට ඉගැන්වීමේ ප්‍රදර්ශන කුටියක් වියට්නාමයේ හැනෝයි නුවරදී පැවති බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

වියට්නාමයේ විදේශ කටයුතු අමාත්‍යංශය හැනෝයි නුවරදී සංවිධානය කරන ලද ලෝක ආහාර ප්‍රදර්ශනයේදී හැනොයි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී  ලංකා ආහාර සකස් කරන ප්‍රදර්ශන කුටිය සංවිධානය කරන ලදී.ප්‍රදර්ශන කුටි 115 කින් සමන්විත වූ මෙම ආහාර පාන ප්‍රදර්ශනය නැරඹීමට ආසන්න වශයෙන් 1,500 ක් පමණ දෙනා පැමිණි බව වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

image_d35a655a72

image_5cac13fab8
image_de73357802

හැනොයි නුවර ඇතුළු වියට්නාමයේ වෙනත් ප්‍රධාන නගරවල සහ පළාත්වල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව මෙම උත්සව අංගය සඳහා ක්‍රියාකාරීව සහභාගී වූ අතර, ඉතා සාර්ථක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්ද ඔවුන් සිය නොමසුරු සහය ලබා දුන් බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

ශ්‍රී  ලංකාවේ මෙම පුදර්ශන කුටියටද විශේෂ තැනක් හිමිව තිබුණි. ශ්‍රී ලාංකික කෙටි ආහාර වර්ග සමඟ ලංකා තේ ද (සිලෝන් ටී)  මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අයට නොමිලේම පිරිනැමූ අතර  වියට්නාම ජාතිකයෝ සහ විදේශිකයෝ ලාංකික ආහාරපාන වල රස බැලූ බවද වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

Classified_Ad