රුසියාවේ ලංකා තානාපති අක්තපත්‍ර පිළිගන්වයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 27, 2020

රුසියාවේ ලංකා තානාපති අක්තපත්‍ර පිළිගන්වයි


රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකාවේ තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මහතා පසුගිය 21 වැනිදා උස්බෙකිස්තාන් ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය කමිලෝව් අබ්දුලාසිස් කාෆිසෝවිච් මහතාට සිය අක්තපත්‍ර පිළිගැන්වීය.

අක්තපත්‍ර පිළිගැන්වීමේ නිල උත්සවය මොස්කව්හි උස්බෙකිස්තාන තානාපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර විවිධ රටවල් නියෝජනය කරමින් තානාපතිවරු 12 දෙනෙක් ඊට එක්ව සිටියහ.

උස්බෙකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සිය කතාවේදී පත්වීම් ලද තානාපතිවරුන්ට සුබ පැතූ අතර, ඔවුන්ට සාර්ථක ලෙස සිය රාජ්‍යතාන්ත්‍රික රාජකාරි ඉටුකිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කළේය.

මෑත වසරවල දී උස්බෙකිස්තාන් ජනරජය පුළුල් පරාසයක විදේශීය හවුල්කරුවන් සමඟ මිත්‍රශීලී සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතා වර්ධනය කිරීමෙහිලා සැලකිය යුතු ප්‍රතිඵල ලබා ඇති බව ද මෙහිදි සඳහන් කෙරුණි.

ශ්‍රී ලංකාව පිළිබඳ අදහස් ප්‍රකාශ කරමින් විදේශ අමාත්‍යවරයා දෙරට අතර ඓතිහාසිකව ගොඩනැඟුණු මිත්‍ර සබඳතා සහ අතීතයේ දී ශ්‍රී ලාංකිකයන් සඳහා උස්බෙකිස්තානයේ උසස් අධ්‍යාපන පහසුකම් සැපයීම පිළිබඳව සඳහන් කළේය.


එක්සත් ජාතීන් වැනි බහුපාර්ශ්වික සංවිධානවල දී පැවති අන්‍යෝන්‍ය සහයෝගීතාව අවධාරණය කළ එතුමා, වෙළඳ, ආර්ථිකය සහ විවිධ ක්ෂේත්‍රවල ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම යන අංශවල ප්‍රායෝගික අන්තර්ක්‍රියා ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.

අපගේ රටවල සහ ජනතාවගේ සමෘද්ධිය,ස්ථාවරත්වය සහ ආරක්ෂාව සඳහා සහයෝගීතාවයේ මාර්ග ගවේෂණය කිරීම පිණිස මධ්‍යම හා දකුණු ආසියාවේ රාජ්‍යතාන්ත්‍රිකයින් සහ ප්‍රධාන විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ඉහළ මට්ටමේ රැස්වීම ලබන වසරේ දී පැවැත්වීම සඳහා සැලසුම් කර ඇත.


තානාපතිවරයා උස්බෙකිස්තාන් මාධ්‍යයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේදී විදේශ අමාත්‍ය කමිලොව් මැතිතුමාගේ කාරුණික වදන්වලට සහ අලංකාර උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳව තානාපති අසඩොව් මැතිතුමාට සිය ස්තූතිය පුද කළේය. 


ශ්‍රී ලංකා තේ සහ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා එහි වැඩි අවස්ථාවන් පවතින බව එතුමා වැඩිදුරටත් පැවසීය. එසේම, සංස්කෘතික හා ආගමික සබඳතා ගොඩනඟා ගැනීම ද දෙරට අතර සබඳතාවය සංවර්ධනය සඳහා වියහැකි ක්ෂේත්‍ර ලෙස පවතියි.

Classified_Ad

Classified_Ad_News_Bottom