![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhy84Nf6sdVTl7NpTcVbJ9975g6paEzq90NgLImrc4z4acR7ne7hvT8CzdpWzT7NbShyphenhyphenwHdxGWHxs_t1hesj60nxwAfG5Ydg6Pj4Ufyj3kFGJX1obv76iqmqmqvzlYCbXWwYLktnmp6MDu5/s16000/PORTUGAL-ELECTION-01.jpg)
‘කොවිඩ් 19’ වයිරස වසංගතය මැද, සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව පෘතුගාලයේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, ජනාධිපති මාර්සෙලෝ රොබෙල්ලෝ දෙ සෝසා ට යළිත් ජනවරමක් හිමිවිය.
72 හැවිරිදි සෝසා නායකත්වය දෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටය.
සෝසා පළමුවෙන් ජනාධිපති ධුරයට පත් වූයේ 2016 ජනාධිපතිවරණයෙන් සියයට 52 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි.
මෙවර ඔහුට සියයට 61 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවුණු බව පැවැසෙයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0zrE3e0YemfIzQQYfhYiX0Q5gVtOHrORELZDwmu3xEZW63AdbMIDaB1VbsK6Ad8Yhc53AYdZHVpP6clfwm3QaaM_zFAyWVqPfMOGNQTllP1mb7HVl2znEDU7qo9EdOhamwIyfkgtjZHS1/s16000/PORTUGAL-ELECTION-02.jpg)
පෘතුගාලයේ ඡන්ද පොළක්
සෝසා සිය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ආධාරකරුවන් අතරේ අතිශය ප්‍රසිද්ධියට පත් අයෙකි. ඔහු සෑම විටම පක්ෂ ආධාරකරුවන්ගේ සෙල්ෆි ඡායරූපවලට පෙනී සිටීමට කැමැත්තක් දක්වන බව පෘතුගාල මාධය වාර්තා සඳහන් කර තිබේ.
සෝසාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ අන්ත සමාජවාදී පක්ෂයේ ඇනා ගෝමේස් ය. ඇයට දිනා ගැනීමට හැකි වූයේ සියයට 13 ක ප්‍රතිශතයක් පමණි.
දක්ෂිණාංශික පක්ෂයේ නායක අන්ද්‍රේ වෙන්චූරාගෙන් ද මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු නමුත් ඔහුට දිනා ගැනීමට හැකිවූයේ සියයට 12 ක ඡන්ද ප්‍රතිශතයක් යැයි ද පැවැසෙයි.
රොයිටර්