ට්‍රම්ප්ගේ සමු ගැනීම - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 21, 2021

ට්‍රම්ප්ගේ සමු ගැනීම

ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස ජෝ බයිඩන් ද උප ජනාධිපති කමලා හැරිස් ද වොෂින්ටන් අගනුවර දිවුරුම් දෙද්දී, ධුරයෙන් සමුගෙන ගිය ජනාධිපති ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා වෙනුවෙන් සමුගැනීමේ විශේෂ උත්සවයක්, ඇන්ඩෲස් ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. 

 එම අවස්ථාවට ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා සහ ඇගේ සැමියා ජෙරාඩ් කුෂ්නර් ඇතුළු ට්‍රම්ප් පවුලේ සාමාජිකයෝ එක් වූහ. ඉවන්කා යනු ට්‍රම්ප්ගේ පළමු කසාදයේ දියණියයි. 

ඉවන්කා සහ ජෙරාඩ් දෙදෙනා ට්‍රම්ප්ගේ උපදේශකවරුන් ලෙස ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ වී සිටියහ. 
ට්‍රම්ප්ට සහ මෙලානියාට සමුදෙමින් පැවැත්වුණු එම උත්සවයට සහභාගී වූ ඉවන්කා කඳුළුසැලූ බව ද වාර්තා වේ.  

ගුවන් කඳවුරේ පැවැති සමුගැනීමේ උත්සවයට ට්‍රම්ප් සහ මෙලානියාගේ පුතු බැරන් සහභාගී වූයේ නැත. එය බොහෝ දෙනාගේ කතාබහට හේතුවක් වූ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය. 

ගුවන් කඳවුරේ මෙම සමුගැනීමේ උත්සවය පැවැත්වූයේ බයිඩන්ගේ දිවුරුම්දිමට පැය 3 කට පෙරය. මෙම සමුගැනීම තමන්ගේ අවසානය නොවනු ඇති බවත්, තමන් ඉදිරියේ දී නව දේශපාලන පක්ෂයකින් කරළියට පැමිණෙන බවත් ට්‍රම්ප් පැවැසුවේය. 

 ට්‍රම්ප් සහ මෙලානියා ධවල මන්දිරයෙන් පිටත් වී ඇන්ඩෲස් ගුවන් කඳවුරට පැමිණියේ ‘මැරීන් 1’ හෙලිකොප්ටරයෙනි. 

ඉන්පසු ට්‍රම්ප්, මෙලානියා ද සමඟ ෆ්ලොරීඩාවේ නිවාඩු නිකේතනය බලා ගියේය. ඒ සඳහා එයාර් ෆෝස් නිල ගුවන් යානයෙනි. 

ට්‍රම්ප් නිල ගුවන් යානය භාවිතයට ගන්නා අවසන් අවස්ථාව මෙයයි. 

ඩේලිමේල් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom