ට්‍රම්ප්ගෙන් බයිඩන්ට ලිපියක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 21, 2021

ට්‍රම්ප්ගෙන් බයිඩන්ට ලිපියක්

ධුරයෙන් සමුගත් ඩොනල්ඩ් ට්‍රම්ප්, නව ජනාධිපති ජෝ බයිඩන්ට ලිපියක් තබා ගොස් ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. 

ට්‍රම්ප් තමන්ට ලිපියක් ලියා තබා ගොස් තිබුණැයි මාධ්‍ය හමුවේ කියා සිටියේ ද නව ජනාධිපති ජෝ බයිඩන්ය. 

එය තමන්ට පමණක් ලියූ ලිපියක් බැවින් එහි අඩංගු කිසිවක් මාධ්‍ය හමුවේ හෙලි කිරීමට තමන්ට හැකියාවක් නැති බව බයිඩන් පැහැදිලි කර තිබේ. 

කෙසේ නමුත් ද්වේශසහගත කිසිවක් ලිපියේ අන්තර්ගත නොවන බව ජනපති බයිඩන් පවසා තිබේ. 

ට්‍රම්ප් ජනපති ධුරයෙන් සමුගෙන ගියේ හිත් අමනාපයෙනි. 

ඒ බයිඩන්ගේ ජය ප්‍රතික්ෂේප කරමිණි. බයිඩන් ට සුබ පැතීමට හෝ බයිඩන්ගේ දිවුරුම්දීමට හෝ ට්‍රම්ප් සහභාගී නොවිණි. ධුරයෙන් සමුගනිමින්,  ජාතිය අමතමින් ට්‍රම්ප් තමන් ඇමෙරිකාවට සහ ඇමෙරිකානුවන්ට අත්කර දුන් ජයග්‍රහණ සිහිපත් කර දුන්නේය. 
(ඒ.එෆ්.පී.)

Classified_Ad