ගංගුලි රෝහලේ‍‍ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 3, 2021

ගංගුලි රෝහලේ‍‍

හිටපු ඉන්දීය ක්‍රිකට් තරුවක් මෙන්ම, මේ වනවිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන සව්රව් ගංගුලි ඊයේ (2) රෝහල් ගත කෙරුණි.

48 හැවිරිදි ගංගුලි හදිසියේ රෝහල්ගත කෙරුණේ සිහිසුන් වීමෙනි. ගංගුලි ඇතුළත් කෙරුණේ කොල්කටා නුවර වුඩ්ලන්ඩ්ස් රෝහලකය. 

ගංගුලි හිටිහැටියේ සිහිසුන්ව ඇද වැටී ඇත්තේ උදෑසන ව්‍යායාම කරමින් සිටිද්දීය.

ගංගුලි හිටිහැටියේ සිහිසුන් වූයේ හෘදයාබාධයක් නිසා යැයි රෝහල් ආරංචි මාර්ග අනුව තමන්ට දැනගන්න ලැබුණු බව එම අවස්ථාවේදී බටහිර බෙංගාල ප්‍රාන්තයේ ප්‍රධාන ඇමතිනි මම්තා බෙනර්ජි ය. 

කොල්කටා නුවර අයත් වන්නේ බටහිර බෙංගාලයටය. 

දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ගංගුලි හදිසි සැත්ගේකමකට භාජන කළ අතර ඉන්පසු ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරුණු බවත් ඔහු හොඳ සිහියෙන් පසුවන බවත් රෝහල් ආරංචි මාර්ග අද (3) පැවැසුවේය.

පසුගිය නොවැම්බරයේ දී ගංගුලි ට කොරෝනා වයිරස ද ආසාදනය විය. 

එදා සිට මේ දක්වා, ඔහු පී.සී.ආර්. පරීක්ෂණ 52 කට ඉදිරිපත් වූ බව ද ඉන්දීය මාධය වාර්තා සඳහන් කර තිබේ.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)

Classified_Ad