ඊශ්‍රායලයේ මිලියනයකට එන්නත ලැබිලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 3, 2021

ඊශ්‍රායලයේ මිලියනයකට එන්නත ලැබිලා

කොරෝනා එන්නත්කරණයේ පෙරමුණ ගත් රට බවට ඊශ්‍රායලය පත් වී ඇති අතර, ඊශ්‍රායල රජය පවසා ඇත්තේ එරට වැසියන් මිලියනයකට ‘කොවිබ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දී අවසන් බවය. 

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මැදිහත් වී, එරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ පසුගිය දෙසැම්බර් 19 වැනිදාය. 

ඊශ්‍රායල රජය, එරට වැසියන්ට ලබා දෙන්නේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම එක් වී නිපදවූ ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් රජය අතරේ ඉතා සමීප මිතුදම් පවතින අතර, ‘ෆයිසර්’ එන්නත ඊශ්‍රායල වැසියන්ට ලබා ගැනීම සඳහා ඊශ්‍රායල අගමැතිවරයා සෘජුව ‘ෆයිසර්’ සමාගම සමඟ කතාකර ගනුදෙනුවක් ඇති කර ගත් බව ද පැවැසෙයි.

එන්නත පළමුවෙන් ලබා දීම සිදුවූයේ අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ටය. එන්නත පළමුවෙන් ලබා ගත් තැනැත්තා වන්නේ අග්‍රාමාත්‍ය නෙදන්යාහුය.
නෙදන්යාහු පළමුවෙන් එන්නත ලබා ගත් අවස්ථාව...

අග්‍රාමාත්‍ය නෙදන්යාහු එන්නත ලබා ගන්නා අයුරු එරට රූපවාහිනී පුවත් නාළිකා ඔස්සේ සජීවීව විකාශය කෙරුණි. අග්‍රාමාත්‍යවරයා ප්‍රසිද්ධියේ එන්නත ලබා ගත්තේ එය ලබා ගැනීමට බියක් නොදක්වන ලෙසත්, එය ආරක්ෂාකාරී බවත් ජනතාවට ඒත්තු ගන්වමිනි. 

ඊශ්‍රායල රජය පවසා ඇති අන්දමට, එරට සෑම පුද්ගලයන් 100 දෙනකුගෙන් 12 දෙනකුට මේ වනවිට එන්නත හිමිවී තිබේ. 

‘ෆයිසර්’ සමාගම ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම එක් වී නිපදවූ ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත මේ වනවිට ලොව රටවල් රැසක භාවිත කෙරේ. එන්නත පළමුවෙන් තම ජනතාවට ලබා දීම ආරම්භ කළ රට වන්නේ මහා බ්‍රිතාන්‍යයයි. 

ඇමෙරිකාව ඉන්පසු එන්නත ලබා දීම ආරම්භ කළ අතර, මේ වනවිට කැනඩාව, බහරේනය ඇතුළු රටවල් රැසක් එන්නත තම වැසියන්ට ලබා දීම සිදු කරමින් පවතී.

(ඒ.එෆ්.පී.)

Classified_Ad

Classified_Ad_News_Bottom