දෙවැනි ටෙස්ට් තරගය අද - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 3, 2021

දෙවැනි ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් තරගය අද 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (3) ජොහැන්නස්බර්ග් නුවරදී ආරම්භ වෙයි.

ආබාධවලට ලක් වුණු දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කසුන් රාජිත සහ ළහිරු කුමාර අද තරගය සඳහා සහභාගී නොවනු ඇති බව ද වාර්තා වේ.

ඊට අමතරව වනිදු හසරංග, සුරංග ලක්මාල් සහ ඇන්ජලෝ මැතිවුස් ද ආබාධ හේතුවන් අද තරගයට සහභාගීවීම අවිනිශ්චිත බව ද පැවැසෙයි.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 45කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

Classified_Ad