ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරගය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 14, 2021

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරගය


සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකා පිළ අතර පළමු ටෙස්ට් තරගය මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර තරගයේ දී පැවැත්වෙයි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ දිනේෂ් චන්දිමාල් විසිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා දැවී ගියේ ලකුණු 135කි කටය. 

දිනේෂ් චන්දිමාල් ලකුණු 28 ක් ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27 ද  රැස් කළහ.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 16ක් ලෙස සටහන් වන විට ක්‍රියාත්මක වූ ස්ටුවට් බ්‍රෝඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 4ක් රැස් කරගෙන සිටි ලහිරු තිරිමාන්න දවාගත්තේය. 

ඉන් අනතුරුව බ්‍රෝඩ් එම පන්දුවාරයේදීම ශ්‍රී ලංකා දෙවන කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දවා ගත්තේය.

Classified_Ad