
ශ්‍රී ලංකාවේ ප්‍රංශ ජනරජය සඳහා නම් කළ තානාපති සහ යුනෙස්කෝව සඳහා නම් කළ නිත්‍ය නියෝජිතවරිය වන මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මහත්මිය ඉකුත් 8 වැනි පැරීසියේ දී සිය රාජකාරි භාර ගත්තාය.
තානාපති මහාචාර්ය හිරිඹුරේගම මහත්මිය විසින් තානාපති කාර්යාල පරිශ්‍රයේ දී ශ්‍රී ලංකාවේ ජාතික ධජය විසින් ඔසවන ලද අතර, සහභාගී වූ සියලු දෙනාම ජාතික ගීය ගායනා කරන ලදී.

ඉන්පසුව, රණවිරුවන් සහ මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ අය සැමරීම සඳහා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලද අතර, සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව නම් කළ තානාපතිවරිය සහ කාර මණ්ඩලය විසින් රාජ්‍ය සේවකයන් සඳහා වන දිවුරුම කියවනු ලැබීය.
කාර්යය මණ්ඩලයේ සම්බන්ධීකරණය සහ සහයෝගය වෙනුවෙන් ස්තූති කරන අතරම, අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රංශ ජනරජය සමඟ පවත්නා ආර්ථික හා සමාජ සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම නම් කළ තානාපති මහාචාර්ය හිරිඹුරේගම මහත්මිය මෙහදි අවධාරණය කළාය.
