ඉන්දියානුවන්ට එන්නත් දෙකක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 16, 2021

ඉන්දියානුවන්ට එන්නත් දෙකක්

ඉන්දියාව සිය මහ පරිමාණ ‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහන අද (16) ආරම්භ කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ අතර පළමු දිනයේදී ලක්ෂ තුනකට ‘කොවිඩ්-19’ එන්නත ලබාදීමට නියමිත ය.

ඉන්දියාවේ මෙම ‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහන ලොව විශාලතම එන්නත්කරණ වැඩසටහන යැයි ද පැවසෙන අතර ඉන්දියාවේ පුරා පිහිටි මධ්‍යස්ථාන 3006 කදී එන්නත් ලබාදීම සිදු කෙරේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විඩියෝ තාක්ෂණය ඔස්සේ එන්නත්කරණ වැඩසටහන සම්බන්ධ වෙමින් එය ආරම්භ කළේය.

ඉන්දියාව පුරා එන්නත්කරණ මධ්‍යස්ථාන පිහිටා තිබුණ ද, එන්නත්කරණ වැඩසටහන වෙනුවෙන්ම සකස් කරන ලද මෘදුකාංගයකින්ම ඒ සියල්ලම සම්බන්ධ කර තිබේ.

සෑම එන්නත් මධ්‍යස්ථානයකින්ම 100 දෙනකුට එන්නත ලබා දේ .‘කොවිඩ්-19’ වයිරස වසංගතය, එන්නත් බෙදාහැරීම සහ එන්නත්කරණය මෙන්ම ‘කෝවින්’ මෘදුකාංගමය සම්බන්ධයෙන් විමසීම්, ගැටලු යනාදියට පිළිතුරු දීම පැය 24 මුළුල්ලේ ක්‍රියාත්මක දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබේ.

ඉන්දියාව මේ වනවිට එන්නත් දෙකකට අනුමැතිය ලබා දී තිබේ. ඉන්දියාවේ සේරම් ආයතනය නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍යයේ ‘ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රසෙනකා’ එන්නතට සහ එරට භාරත් බයෝටෙක් සමාගම නිෂ්පාදනය කරන එන්නතට මෙලෙස අවසර ලබා දී තිබේ. 

මෙම එන්නත් දෙක ‘කොවිෂීල්ඩ්’ සහ ‘කොවැක්සීන්’ යනුවෙන් හැඳින්වේ.

ඉන්දියාවේ මහ පරිමාණ එන්නත්කරණ වැඩසටහන අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වේ. එහිදි ප්‍රමුඛතා පිළිවෙළ අනුව එන්නත් ලබාදීම සිදු කෙරේ.

පළමු අදියරේ යටතේ රජයේ සහ පෞද්ගලික අංශයේ සිටින සෞඛ්‍ය සේවකයන්ට එන්නත ලබා දේ. ඊට අමතරව ළම සංවර්ධන මධ්‍යස්ථානවල සිටින සේවකයන්ට ද පළමු අදියර යටතේ එන්නත ලබා දේ.

එන්නත්කරණ වැඩසටහනට අදාළ සියලු තොරතුරු ඒ විගස යාවත්කාලීන කිරීම සඳහා ‘කෝවින්’ යනුවෙන් මෘදුකාංගයක් ද සකසා තිබේ. 

ද හින්දු

Classified_Ad

Classified_Ad_News_Bottom