විදෙස් ආයෝජකයින් දිරි ගන්වන්න - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 17, 2021

විදෙස් ආයෝජකයින් දිරි ගන්වන්න

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සදහා විදෙස් රටවල ආයෝජකයන් සඳහා විවිධ ඉඩ ප්‍රස්ථා සලසා දීමට රජය සුදානමින් සිටින බැවින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු සියලු අංශ සඳහා ආයෝජනයට ආයෝජකයන් දිරිමත් කරන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට රැඳී සිටින විදෙස් රටවල කොන්සල්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙරට සිටින විදෙස් රටවල කොන්සල්වරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම ඉල්ලීම කෙළේය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති උපදෙස් වලට අනුකූලව විදේශ අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණ. 

කොවිඩ්-19 වසංගත තත්ත්වයට මුළු ලෝකයම ගොදුරුව ඇති මේ මොහොතේ සියලු රටවල ආර්ථිකය පසුබෑමකට ලක්ව ඇතත්, එකිනෙකාට උදවු කර ගනිමින් ලෝක ආර්ථිකය යළි දියුණුව කරා ගෙන යාමට කටයුතු කළ යුතුව ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමේ දී කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමඟ ඔවුන් සම්බන්ධයෙන් කිසියම් නිශ්චිත හා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව මෙම සාකච්ඡාවට සම්බන්ධව සිටි කොන්සල්වරුන් විදේශ අමාත්‍යවරයා ගෙන්  ඉල්ලා සිටියහ. 
සංචාරකයන් සඳහා මෙරට විවෘත කිරීම, ගුවන් තොටුපල විවෘත කිරිම, හා  ලංකාවේ නව විදේශ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළු ආයෝජන දිරි ගන්වන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.

මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ප්‍රධාන කරුණු තුනක් යටතේ කලාපීය සහයෝගිතාව වර්ධනය කර ගැනීමට කටයුතු කරමින් සිටින බැවින් ඊට සියලු පාර්ශ්වවල සහාය අවශ්‍ය බවය.⁣

මෙම හමුවට විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන් සමඟ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටයහ.

Classified_Ad

Classified_Ad_News_Bottom