ඉන්දුනීසියාවට භූ කම්පනයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 15, 2021

ඉන්දුනීසියාවට භූ කම්පනයක්

ඉන්දුනීසියාවට අයත් සුලවේසී දූපත රික්ටර් පරිමාණයේ ඒකක 9.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් කැලැඹිණි. 

භූමි කම්පාවෙන් මියගිය ගණන 8 ක් බවත්, තුවාල ලැබූ ගණන 600 ක් බවත් එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

භූමි කම්පාව හටගත්තේ අද (15) අලුයම් කාලයේය. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය සුලවේසී දූපතේ මජේනි නමැති නගරයේ සිට කිලෝ මීටර් 6 ක් දුරින් කිලෝ මීටර් 10 ක් මුහුදු පතුළේ හට ගත් බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.

නිවාස සහ ගොඩනැගිලි රැසක් භූමි කම්පාවෙන් විනාශය වී බිමට සමතලා වී ඇතැයි පැවැසෙයි. දරුණු ලෙස හානි සිදුවී ඇත්තේ, මමුජු නගරයටය. 

මමුජු නගරයේ රෝහලක් මුළුමනින්ම බිමට සමතලා වූ අතර රෝගීන් සහ රෝහලේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකායවන් බොහෝ දෙනකු සුන්බුන් අතරේ සිරවී ඇතැයි වාර්තා වේ. 

සුන්බුන් අතරේ සිරවූවන් මුදා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කර ඇතැයි ඉන්දුනීසියා ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි. 

රොයිටර්

Classified_Ad