මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 21, 2021

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක්

ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට අද (21) පස්වරුවේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් 32 ක් මියගිය බවත් 200 කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ.

වසර තුනකට පසු ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය යැයි පැවැසෙයි.

ඉරාක සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මරණ තවත් ඉහළ යා හැකි බවය. තුවාලකරුවන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගැණින.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශවයක් බාරගෙන නැතැයි ද පැවැසෙයි.

 (අල් ජසීරා)

Classified_Ad