ගුවන් තොටුපොළ ඇරේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 21, 2021

ගුවන් තොටුපොළ ඇරේ

වාණිජ ගුවන් ගමන් සඳහා කටුනායක ගුවන්තොටුපොළ විවෘත කෙරුණි. ඒ අනුව අද උදෑසන ගුවන් ගමන් 20 ක් සිදු කළ බව වාර්තා වේ. 

උදෑසන ගුවන් යානා 8 ක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර, ඒ හරහා මගීන් 200 කට වැඩි පිරිසක් ද මෙරටට පැමිණ ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි.

 සෞදි අරාබියෙන්, ඕමානයෙන් සහ දකුණු කොරියාවෙන් පැමිණි මගීහු එම පිරිස අතර සිටිති.

ඊට අමතරව, ගුවන් යානා 12කින් ගුවන් මගීන් 542 දෙනකු කටුනායක ගුවන් තොටුපොළෙන් විදෙස් රටවල් සඳහා පිටත්ව ගොස් ඇතැයි ද වාර්තා වේ. 

 මේ අතර සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ කොවිඩ්-19 වසංගතයට පෙර මෙරට මගී මෙහෙයුම් සිදුකළ සියලුම ජාත්‍යන්තර ගුවන් සමාගම් යළිත් මෙරටට ගුවන් මෙහෙයුම් ආරම්භකිරීමට එකඟත්වය පළකර ඇති බවය.

Classified_Ad