හිටපු ජනපතිවරු එනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 20, 2021

හිටපු ජනපතිවරු එනවා

ජෝ බයිඩන්ගේ දිවුරුම්දීමේ උත්සවයට ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී නොවුණත්, හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, බිල් ක්ලින්ටන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් ද සහභාගී වීමට නියමිතය. 

ඔබාමා පරිපාලනය පැවැති සමයේ, ඔබාමාගේ දෙවැනියා මෙන්ම ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ බයිඩන්ය. 

ඔබාමා මෙන්ම බිරිඳ මිෂෙල් ඔබාමා ද බයිඩන්ගේ මැතිවරණ කටයුතුවලට සම්බන්ධ වී බයිඩන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී කටයුතු කළහ. 

බිල් ක්ලින්ටන්, ඔබාමා සහ බයිඩන් මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයෙකි. ජෝර්ජ් බුෂ් රිපබ්ලිකන් පාක්ෂිකයෙකි. ජෝර්ජ් බුෂ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය නිරන්තරයෙන් විවේචනය කළ අයෙකි.

ඇමෙරිකාවේ සේනාධිනායකයා වන්නේ ද ජනාධිපතිවරයාය. දිවුරුම් දී ජාතිය ඇමැතීමෙන් පසු බයිඩන්, සේනාධිනායකයා ලෙස හමුදා උත්තමාචාර පිළිගැනීම ද සම්ප්‍රදායකි.

හමුදා උත්තමාචාර පිළිගැනීමෙන් පසු ජනපති බයිඩන් සහ උප ජනපතිනිය හැරිස්, ආලින්ටන් සුසාන භූමියට ගොස් රණවිරු ස්මාරකයට උපහාර දැක්වීමට ද නියමිතය. 

එම අවස්ථාවට, හිටපු ජනාධිපතිවරුන් වන ඔබාමා, බුෂ් සහ ක්ලින්ටන් ද ජනපති ආර්යාවන් ද එක් වීමට නියමිතය. 

ඉන්පසු ආලින්ටන් සුසාන භූමියේ සිට ඇමෙරිකාවේ නව ජනාධිපති බයිඩන් සහ ජනාධිපති ආර්යා ජිල් හමුදා පෙළපාළියකින් ධවල මන්දිරයට පැමිණීම සිදුවෙයි. 

 ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom