දිවුරුම්දීමට ට්‍රම්ප් නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 20, 2021

දිවුරුම්දීමට ට්‍රම්ප් නෑ

දිවුරුම්දීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නෑ ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දෙද්දී, එම අවස්ථාවට ධුරයෙන් සමුගන්නා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී නොවනු ඇතැයි පැවැසෙයි.

බයිඩන්ගේ දිවුරුම් දීමේ උලෙළට සහභාගී නොවන බව තීරණය කර ඇත්තේ ද ට්‍රම්ප්ය. 

ට්‍රම්ප් සහභාගී නොවුණත්, ට්‍රම්ප්ගේ දෙවැනියා මෙන්ම ධුරයෙන් සමුගන්නා උප ජනාධිපතිවරයා ද වන මයික් පෙන්ස් එම බයිඩන්ගේ දිවුරුම් දීමේ උලෙළට සහභාගී වී, බයිඩන්ට සහ කමලා හැරිස් ට සුබ පතනු ඇත. 

බයිඩන්ගේ දිවුරුම්දීමේ අවස්ථාවට තමන් සහභාගී නොවන බව ට්‍රම්ප් දන්වා ඇත්තේ කළේ ට්විටර් පණිවුඩයක් මගිනි. 

 ජෝ බයිඩන් ඒ ගැන සතුට පළ කරයි. 

‘මගේ දිවුරුම්දීමට සහභාගී නොවීමට තීරණය කළේ ට්‍රම්ප්. මා හිතන්නේ ඒක ට්‍රම්ප් ගත් හොඳම තීරණයන්ගෙන් එකක්.’ යැයි ට්‍රම්ප් දිවුරුම්දීමේ උළෙලට සහභාගී නොවීම සම්බන්ධයෙන් ජෝ බයිඩන් මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබේ. 

පරාජය බාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් තම අනුප්‍රාප්තිකයාට සුබ පැතීමක් නොකර, දිවුරුම්දීමේ උළෙලට සහභාගී නොවුනු ඇමෙරිකන් ජනපතිවරුන් තිදෙනෙක් වෙති. 

ජෝන් ඇඩම්ස්, ජෝන් ක්වින්සි ඇඩම්ස්, ඇන්ඩෲ ජොන්සන් ඔවුන් තිදෙනාය. ඇන්ඩෲ ජොන්සන් යනු ඇමෙරිකාවේ 17 වැනි ජනාධිපතිවරයාය. 
ජෝ බයිඩන්ගේ දිවුරුම්දීමේ උළෙලට පෙර, අද (20) ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ධවල මන්දිරයට සමුදී පිටවී යනු ඇත. 

ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් සමු ගැනීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් පැවැත්යෙි. ඒ, ඇන්ඩෲස් ගුවන් හමුදා කඳවුරේදීය.

බයිඩන් අද (20) දිවුරුම් දෙද්දී, ට්‍රම්ප් ෆ්ලොරීඩා ජනපදයේ පිහිටි ‘මාර් අ ලාගෝ’ නිවාඩු නිකේතනයේ විවේකීයව ගත කරනු ඇති බව පැවැසෙයි. 

ට්‍රම්ප් ධුරයෙන් ඉවත් වන්නේ අකමැත්තෙනි. ඊට හේතුව පසුගිය නොවැම්බර් 3 වැනිදා පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිගැනීම ට්‍රම්ප් දිගටම ප්‍රතික්ෂේප කරන බැවිනි. 

ට්‍රම්ප් තරයේ පවසා ඇත්තේ බයිඩන් ජයග්‍රහණය කළේ හොර ඡන්ද දැමීමෙන බවය. 

ඉන්පසු ට්‍රම්ප් දිගින් දිගටම කොංග්‍රසය (ඇමෙරිකන් පාර්ලිමේන්තු) විවේචනය කිරීමට පටන් ගත්තේය. 

ඒ අනුව, ට්‍රම්ප්ගේ උසි ගැන්වීමෙන් ඔහුගේ ආධාරකරුවෝ දහස් ගණනක් පසුගිය 6 වැනිදා, වොෂින්ටන් අගනුවරට රැස්වී, කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී එහි බලය අතට ගත්හ. 

ඒ, ජෝ බයිඩන්ගේ ජය තහවුරු කිරීමට ඇමෙරිකන් කොංග්‍රසය රැස්වුණු අවස්ථාවේ ඊට බාධා කරමිණි. 

ට්‍රම්ප් මෙසේ සිය ආධාරකරුවන් උසිගන්වද්දී, ඩිමොක්‍රටික්වරුන්ගෙන් පමණක් නොව රිපබ්ලිකන්වරුන්ගෙන් ද විරෝධයක් එල්ල විය. ට්‍රම්ප්ගේ සමීපතම රිපබ්ලිකන් සාමාජිකයෝ ද ඒ අතරේ වෙති. 

ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් සතුවය. 

නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්ස පොලෝසි ඉදිරිපත් කළ අවස්ථාවේදී එම දෝෂාභියෝගයට අදාල යෝජනාවලට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය කැමැත්ත පළ කළේය. 

232 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් අතර විරෝධය දක්වමින් ට්‍රම්ප්ට සහාය පළ කළේ 197 ක් පමණි. දෝෂාභියෝගයට පක්ෂව ට්‍රම්ප්ට විරුද්ධව ඡන්දය දුන් පිරිස අතරේ, ට්‍රම්ගේ හිතවත් රිපබ්ලිකන්වරු 10 දෙනෙක් ද වෙති. 

ට්‍රම්ප් ධුරයෙන් ඉවත්ව ගියත් දෝෂාභියෝග ක්‍රියාවලිය දිගටම සිදුවෙයි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී සම්මත වුණු දෝෂාභියෝග යෝජනාවලිය සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට යොමු කෙරුණි. සෙනෙට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සතුවය. 

ට්‍රම්ප් විරෝධතාකරුවන් ‘උසි ගැන්වීම’ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළත්, රිපබ්ලිකන් සෙනෙට් මන්ත්‍රීවරුන් ට්‍රම්ප්ට එරෙහි ව ඡන්දය ප්‍රකාශ කරාවි ද යන්න අවිනිශ්චිත බව පැවැසෙයි. 

දෝෂාභියෝගයට අදාලව ට්‍රම්ප් ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සෙනෙට් මණ්ඩලයේ දී නඩු විභාගයක් ද පැවැත්වීමට නියමිතය. 

අවසන් වශයෙන් ඡන්ද විමසුම සිදුවන්නේ ඉන්පසුවය. 

චෝදනා සම්බන්ධයෙන් වරදකරු වුවහොත්, එය ට්‍රම්ප්ට විශාල අපකීර්තියකි. එපමණක් නොව, ඔහුට හිරේ යෑමට පවා සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
 ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom