සොෆී ඩෙවින්ගේ ශතකය කළ හදිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 17, 2021

සොෆී ඩෙවින්ගේ ශතකය කළ හදිය

නවසීලන්ත ක්‍රිකට් නායිකා සොෆී ඩෙවින් ලොව වේගවත්ම පන්දුවාර 20 ශතකයේ ලෝක වාර්තාව පන්දු 36 කින් පිහිටවුයේ හයේ පහරත් සමඟිනි. 

කෙසේ නමුත්, පන්දුව ඇදී ගියේ නරඹන්නන් අතරේ තරගය නරඹමින් සිටි මවක සහ ඇගේ උකුලේ වූ සිඟිති දියණියක් දෙසටය. 

අනපේක්ෂිත අයුරින් පන්දුව එම දියණියගේ මුහුණේ වැදුණේ සෙසු සොෆී ඩෙවින් පමණක් නොව, සෙසු ක්‍රීඩිකාවන් සහ නරඹන්නන් මොහොතකට නිහඩ කරමිණි. 

ලෝක වාර්තාවක් පිහිටුවීමේ සතුට අමතක කරමින් සිද්ධිය ගැන කනගාටු වූ සොෆී පිටිය මැද දණින් වැටුණේ තමන් අතින් වරදක් සිදුවුණැයි කම්පා වෙමිනි. 

කෙසේ නමුත් වාසනාවකට පන්දුව වැදීමෙන් දැරියට තුවාලයක් සිදුවූයේ නැත. 

සොෆී ඩෙවින් ඇතුළු සෙසු ක්‍රීඩිකාවෝ දැරිය වෙත ගොස් ඇගේ සුවදුක් විමසා බැලීමට ද අමතක නොකළය. 

නවසීලන්ත මාධ්‍ය ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom