චීනයේ අයිස් ක්‍රීම්වලත් කොරෝනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 17, 2021

චීනයේ අයිස් ක්‍රීම්වලත් කොරෝනා

චීන අයිස් ක්‍රීම්වල තිබී 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස විෂබීජ හමුවී ඇතැයි චීන සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් එරට පුවත් සේවා වාර්තා කරයි. 

චීනයේ ආහාර නිරන්තරයෙන් 'කොවිඩ් 19' විෂබීජ ඇතිදැයි පරීක්ෂා කෙරේ.

වයිරස විෂබීජ හමුවී ඇත්තේ, ඊසානදිග චීනයේ ටියැංජියැන් නගරයේ අයිස්ක්‍රීම් කම්හලකින් ලබා ගත් සාම්පලවලය. කර්මාන්ත ශාලාවේ ඇති අයිස්ක්‍රීම් පෙට්ටි 4,836 කින් වයිරස විෂබීජ හමුවී ඇත.

තවත් අයිස් ක්‍රීම් පෙට්ටි 1,812 ක් පිට පළාත්වලට යවා ඇතැයි ද පැවැසෙයි. 

එම අයිස් ක්‍රීම් පෙට්ටි සොයා කඩිනමින් මෙහෙයුමක් ආරම්භ කිරීමට චීන සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

රොයිටර්

Classified_Ad