පිතිකරු දෙවරක් දැවී යයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 24, 2021

පිතිකරු දෙවරක් දැවී යයි

ඕස්ට්‍රේලියාවු බිග් බෑෂ් ක්ලබ් ක්‍රිකට් තරගාවලියේ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් සහ සිඩ්නි තන්ඩර් අතර පැවැති තරගයේ එක් පන්දුවකදී ක්‍රීඩකයෙකු දෙවරක් දැවී යෑමේ විරම මෙන්ම අසාමාන්‍ය සිදුවීමක් දකින්න ලැබුණි. 

මෙලෙස දෙවරක් දැවි ගියේ, ඇඩිලේඩ් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජේක් වෙතරල්ඩ් ය. 

තරගයේ 9 වන පන්දුවාරයේ 5 වන පන්දුවට පිල්ප් සෝල්ට් එල්ල කළ පහරක් පන්දු යවන්නාගේ අතේ වැදි අනෙක් අන්තයේ කඩුල්ලට වැදුණු අතර, ඒ වනවිට එම අන්තයේ සිටි ජේක් දුවද්දී දැවී ගියේය. 

ප්‍රධාන විනිසුරු දැවී යාම සංඥා කිරීමට පෙර පිතිකරුවන් ලකුණක් වෙනුවෙන් පැති මාරු කරගැනීමට යෑමේදී නැවත වරක්, ජේක් දිව ගිය අන්තයේ කඩුල්ල බිඳදැමීමටයි සිඩ්නි ක්‍රීඩකයන් සමත් විය. 

ඒ අනුව එක් පන්දුවකදී දුවද්දී දැවි යාමේ අවස්ථා දෙකකට සම්බන්ධ වූ ක්‍රීඩකයෙකු ලෙස ජේක් වාර්තා පොත් අතරට එක් වූ බ‍ව පැවැසෙයි. 

පුනරූපණ දර්ශන අනුව ඔහු දෙවරක් දිවි ගොස් ඇති බව තහවුරු කෙරුණි. 

මෙම තරගය ලකුණු 6 කින් ජයගැනීමට ඇඩිලේඩ් ස්ටයිකර්ස් කණ්ඩායම සමත් විය. 

ඔස්ට්‍රේලියා පුවත් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom