ඉක්මන් වුණා නම් පාලනය කරන්න තිබුණා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 24, 2021

ඉක්මන් වුණා නම් පාලනය කරන්න තිබුණා

ලෝක සෞඛ්‍ය සංවිධානය ඉක්මන් වුණා නම් වයිරසය පාලනය කරන්න තිබුණා 

ස්වාධීන විමර්ශන කණ්ඩායමක් කියයි 

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පිළිබඳ දැනගත් සැණින්, එහි බරපතලකම අවබෝධ කරගෙන, ලෝක සෞඛ්‍ය සංවිධානය කඩිනම් ක්‍රියා මාර්ග අනුගමනය කළේ නම්, වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් තෙක් දුරදිග නොයනු ඇතැයි වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ස්වාධීන විමර්ශන කණ්ඩායමක් කියයි. 

ජාත්‍යන්තර විශේෂඥයන් කණ්ඩායමකින් සැදුම්ලත් මෙම විමර්ශන කණ්ඩායම, ‘කොවිඩ් 19’ වයිරසයේ ආරම්භය සහ එහි සුලමුල සොයමින් විමර්ශන කටයුතුවල නියැලී සිටී. 

ඒ, මාස කීපයක් තිස්සේය. ‘කොවිඩ් 19’ වයිරසය හිස එසවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. ඒ, 2019 වසර අවසානයේය. 

චීන සෞඛ්‍ය බලධාරීන් වයිරසය ගැන බිය පළ කරමින්, ඒ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දුන්නේ 2019 දෙසැම්බර් 31 වැනිදාය. ඉන්පසු 2020 ජනවාරියේ වූහාන් නුවර මුළුමනින්ම ලොක්ඩවුන් කෙරුණේ වයිරසය පාලනය කර ගැනීමට චීන සෞඛ්‍ය අංශ අසමත් වුණු බැවිනි. 

එම අවස්ථාව වනවිට වයිරසය පුද්ගලයකුගෙන් පුද්ගලයකුට ආසාදනය වන බව තහවුරු වී තිබුණු අතර, චීනයේ සෙසු ප්‍රාන්තවලටත්, විදේශවලටත් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් ඉතා පැහැදිලිව පෙනෙන්න තිබුණු බව විමර්ශන කණ්ඩායම පෙන්වා දෙයි. 

 ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට කන් නොදී එම අවස්ථාවේ, කඩිනමින් නිවැරදි තීරණ අනුගමනය කළේ නම්, වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා දුරදිග නොයන බව ස්වාධීන විමර්ශන කණ්ඩායම පැහැදිලි කරයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් යැයි ධුරයෙන් සමුගත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවස්ථා ගණනායකදී චෝදනා නගා ඇත. 

ලෝක සෞඛ්‍ය සංවිධානය වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත්තේ චීන සෞඛ්‍ය අංශ සහ රජය ලබා දුන් දත්ත අනුව බවත්, චීන සෞඛ්‍ය අංශ ද වයිරසයේ සැබෑ ස්වරූපය නිවැරදිව ලෝකයාට හෙළි නොකළ බවත් ස්වාධීන විමර්ශන කණ්ඩායම පෙන්වා දෙයි. 

ධුරයෙන් සමුගත් ජනාධිපති ට්‍රම්ප්, ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගත්තේ ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියා කලාපය විවේචනය කරමින්ය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිසංස්කරණයට ලක්විය යුතු යැයි ට්‍රම්ප් පෙන්වා දී තිබේ. ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස ධුරයට පත්වුණු ජෝ බයිඩන්, දිවුරුම් දී පළමු දිනයේ දීම ලෝක සෞඛ්‍ය සංවිධානයට යළි ඇමෙරිකාව එක් කිරීමට පියවර ගත්තේය. කෙසේ නමුත්, කරමින්ය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිසංස්කරණයට ලක්විය යුතු යැයි ජෝ බයිඩන් ද පවසා තිබේ. මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරමින්, වයිරසයේ සුලමුල සෙවීමට විමර්ශන කණ්ඩායම් දෙකක් චීනයේ වූහාන් නුවරට ගොස් සිටී. 

තවමත් විමර්ශන කටයුතුවල නියැලී සිටින ඔවුන් ද පවසා ඇත්තේ චීන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නොසැලකිල්ල වයිරස ව්‍යාප්තියට හේතුවක් වුණු බවය. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom