![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjR_hIW_rnP68lYTdR7tsYVBYHNTVVw23GXVNTIQOLZOOWgbFREGSOendzqUo8p9CKntigbhPYVb8iWH6zo63YG9gMk-TaWOEGvCPMImdFbRgY5OIEvoM1Qsz5-w89-8bCq1M25NmMhjoOZ/s16000/Lead_2.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-3X_STw9rq1zs9TEhwr5zYHqN01KVrLcxD5sQZQACaRIqSmsH2peVccZo4-Ag1_YOm0DPnuAeBL0nKRvaFD0I67RjoTvWly1eNw2wygke0-xEbvbQeZMDIMotkiTiS4HXZlkUOR-66km8/s16000/andrea-jeremiah_158252386120.jpg)
'රඟපාන්න, සිංදු කියන්න මං කැමතියි. එතකොට මං සතුටින්.' මෙසේ කියන්නේ ඇන්ඩ්‍රියා ජෙරමායා.
ඇන්ඩ්‍රියා ජෙරමායා කියන්නේ දමිළ, තෙලිඟු සහ මලයාලම් නිළියකි. දක්ෂ පසුබිම් ගායිකාවකි. ඇය අවසන් වරට දකින්න ලැබුණේ 'මාස්ටර්' චිත්‍රපටය හරහාය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgpV-afUJjaCnbGxdVdT4xbA053EeXJS7CM_zzMSum8X3M8zq4j6S1C0vCcEqWzdqeUEzIlEkB6mDxxd4bHIV0wZALbO1NV-m486c_-03W9z44E5kUbDZvEfLoLDB2fj3Bls0pz9UdQ37E7/s16000/andrea-jeremiah_158252386100.jpg)
'රඟපෑමට ආසා වුණත්, මා හැම චරිතයක්ම බාර ගන්නේ නැහැ. තේරීම් කරනවා. ඒ නිසා මගේ රංගනය දකින්න ලැබෙන්නේ කලාතුරකින්' යැයි 35 හැවිරිදි සුරූපිනිය කියයි.
2018 දී 'වාඩා චෙන්නායි', 2017 දී 'ටාරාමානී' මෙන්ම 2017 දී තිරගත වුණු 'ද හවුස් නෙක්ස් ඩෝර්' චිත්‍රපටය හරහා ද ඇන්ඩ්‍රියාගේ රංගනය දකින්න ලැබේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKCNwxq5PNZjqvjagnCaF0jJFPRy9yLj792YKvM5wefReBKe2My4_TJy6596zHd76UE1DM3Po0JykNoz7EYGIXMStJfzsfASYGoQ6ZPR-_R814ZkW6wxW3n81eQWrofEu5e5Q9zASEi154/s16000/Andrea+Jeremiah-2021-01.jpg)
පසුගිය කාලයේ නව යූ ටියුබ් වීඩියෝ චැනලයක් ආරම්භ විය. ඒ, කොවිඩ් 19 වයිරස වසංගතය මැද ලොක්ඩවුන් වී සිටිද්දී, ඉන්දීය නළු නිළියන් මොකද කරන්නේ යන තේමාව ඇසුරිනි. එහි නම 'ලොක්ඩවුන් ඩයරීස්' ය.
ඇන්ඩ්‍රියා ජෙරමායා සම්බන්ධ වන 'ලොක් ඩවුන් ඩයරීස්' වීඩියෝවක් ද ඇත. එය ද මේ වනවිට අතිශය ජනප්‍රියය.
සමාජ මාධ්‍ය හරහා ඇන්ඩ්‍රියා රසික හදවත් දිනාගෙන ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCuXngIhUPcs7qX7rSkfIh3gMpTHk0YqXfRs5T5p7xrB5a-YXsdmuuu4OKOU8n8w3rwrlbfvJ4Dr1Jk5QZzpC3BQgPQSQFOYefcW7H7HWdkFwZ0jvLTrreoW6Yz6U86VkLwgUWGNNMHcBV/s16000/Andrea+Jeremiah-2021-02.jpg)
ඇන්ඩ්‍රියාගේ බලු සුරතලා කවුරුන්දැයි විමසුවොත්, ඇගේ සමාජ මාධ්‍ය පරිශීලනය කරන ඕනෑ අයකු එහි පිළිතුර දනී. ඇන්ඩ්‍රියාගේ බලු සුරතලා 'ස්නෝව්' ය. පසුගිය දා ඇන්ඩ්‍රියාගේ නවතම ඡායාරූප එකතුවක් ද සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් විය.
ඇන්ඩ්‍රියා ජෙරමායා, තමිල්නාඩුවේ ඇන්ග්ලෝ ඉන්දීය රෝමානු කතෝලික ක්‍රිස්තියානි පවුලක යුවතියකි. ඇගේ පියා චෙන්නායි මහාධිකරණයේ නීතීඥවරයෙකි. ඇන්ඩ්‍රියා ට බාල නැගණියක සිටී. ඇය බෙල්ජියමේ පර්යේෂික සහකාරියක ලෙස රැකියාව කරයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJgtL_sVFmw5qm-X95Zcmpol6jOS7ZL81t6RPA8DSw62Rog73VYtbQNXVspV3tn8TSnYONzHwE9QkoyUq4SmG3tH0EFju61pGu6IN7rfBk1rjxzfthz8876e6fbMkBiQUXVsnmL6fs-PsH/s16000/andrea-jeremiah_158252386130.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRuxU_kTJC0Je_Ip5Hax_PIXLuTmgkkpoc2a4GdCYhMhovX3AtfN3zxP-k6yC4M0bTWpxeHn6T_3BvMoe2HwhQTshlyDQNhsmtwZ_Tos81smHpEWeQUKEuvqWTkxpEebePiSEcMhuZo1d-/s16000/Andrea_main.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBJRWpYx1xgTe1qJLQmXllwbTVw9_d2Cjiq0bv0Au8H8NvhnQvXfP3fTAJsYc4ZIex5EKm6jqfkfM_GYAQ2h_SRj5UrU0JCdxjF2lCrJ1Zf8BjND3OdnTIzxB38w4suzJbS6eNRKt-09VW/s16000/1200px-Andrea_Jeremiah.jpg)
ඇන්ඩ්‍රියා කුඩා කළ සිට ඉගෙනීමට දක්ෂය. ඇය පොත් ගුල්ලියකි. ඇගේ ආශාව වී ඇත්තේ මනෝවිද්‍යාඥවරියක වීමටය. කුඩා කළ සිට පියානෝ වාදනයට යොමු වුණු ඇන්ඩ්‍රියා අවුරුදු 8 වන විට දක්ෂ පියානෝ වාදන ශිල්පිනියක වූවාය.
ඇය සංගීත ක්ෂේත්‍රයට සහ ප්‍රසංග වේදිකාවයට ගොඩවූයේ ළමා ගායිකාවක ලෙස අවුරුදු 10 දීය. ඇන්ඩ්‍රියා ජෙරමායා නිළියක ලෙස රිදී තිරයට එක් වූයේ 2006 දී 'නාගමණ්ඩල' චිත්‍රපටය හරහාය.
ඇන්ඩ්‍රියා තනිකඩය. තමන් වරක් විවාහක තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවැතැවූ බවත්, එය අවසන් වූයේ තමන් කායිකව මෙන්ම මානසිකව ද දැඩි ලෙස පීඩාවට පත්වීමෙන් පසු බවත් බෙංගලූරු පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අන්ඩ්‍රියා ප්‍රසිද්ධ කළාය.
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි