වසර 84 ක් පැරණි වාර්තාව සම කරලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 6, 2021

වසර 84 ක් පැරණි වාර්තාව සම කරලා

එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ දී සුවිශේෂී සිදුවීමක් වාර්තා විය. 

ඒ, වසර 84 ක් පැරණි වාර්තාවක් සම කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් සමත් වීමත් සමඟය.

ජෝ රූට් සම කළේ, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයකු ලෙස ද සැලකෙන ඩොන් බ්‍රැඩ්මන්ගේ වාර්තාවකි. 
 ටෙස්ට් ඉනිම් තුනකදී පිට පිට ලකුණු 150 ක් රැස්කරගත් දෙවන ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස රූට් වාර්තා පොත් අතරට එක් වෙයි. බ්‍රැඩ්මන් සිය වාර්තාව පිහිටුවා තිබුණේ, 1937 වසරේදීය. 

 ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම කඩුලු 4 ක් දැවි ලකුණු 416 ක් රැස් කර ගත්තේ නායක ජෝ රූට්ගේ ලකුණු 184 ක් ද සමඟය. 

එන්.ඩී.ටීවී.

Classified_Ad

Classified_Ad_News_Bottom