වාර්තාව පරෙස්සමෙන් විමසා බලනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 2, 2021

වාර්තාව පරෙස්සමෙන් විමසා බලනවා

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ වැදගත් වාර්තාව පරෙස්සමෙන් විමසා බලන බව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි. 

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. 

ශ්‍රී ලංකාවේ අනාගතය රඳා පවතින්නේ අද දිනයේදී අයිතිවාසිකම්වලට ගරු කිරීමත් අතීතය සම්බන්ධ සිදුවීම්වලට පිළිතුරු සෙවීම සඳහා අර්ථාන්විත පියවර ගැනීමත් මත යැයි ද හෙතෙම සඳහන් කරයි. 

කෙසේ නමුත් ඇමෙරිකාව මේ වනවිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටක් නොවේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිටු 17කින් සමන්විත ලිඛිත වාර්තාවක් ඉකුත් දා (27) මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළාය. 

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය ලබන මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත ය. ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 වසරේදී ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉවත් කරගත්තේ ය. 

 මේ අතර නැවත වරක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය ලබාගන්නා බව ඇමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත. 

ඊට අමතරව ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට නැවත ඇතුළත් කරගැනීම සඳහා නව ජනාධිපති ජෝ බයිඩන් ඉකුත් දිනෙක විධායක නියෝගයකට ද අත්සන් කළේය.

Classified_Ad

Classified_Ad_News_Bottom