ඇමෙරිකන් තානාපතිනිය හමුවෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 2, 2021

ඇමෙරිකන් තානාපතිනිය හමුවෙලා

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් විදේශ අමාත්‍යාංශයේ දී අද (2) පැවැත්විණි. 

ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික කටයුතු හා ආර්ථික කටයුතු ඇතුළු දෙරටට වැදගත් වන කරුණු රැසක් මෙම හමුවේ දී සාකච්ඡා කෙරුණු බව විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාද මෙම හමුවට සහභාගී විය.

Classified_Ad