ඉන්දියාවට කඩුලු 10 ක ජයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 26, 2021

ඉන්දියාවට කඩුලු 10 ක ජයක්

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති තෙවැනි ටෙස්ට් තරඟයෙන් කඩුලු 10 ක ජයක් හිසි කර ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. 

දිවා රාත්‍රී තරඟයක් ලෙස අහමදාබාද් හි නව මොටෙරා ක්‍රීඩාංගණයේ තරඟය පැවැත්විණි. ඒ, එම ක්‍රීඩාංගනය විවෘත කරමිණි. ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස සැලකෙන්නේ මෙයයි. 

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති තෙවැනි ටෙස්ට් තරඟය දින දෙකක් ඇතුළත නිමාවට පත් වීම විශේෂත්වයකි. 

පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 112කට දැවීගිය අතර ඉන්දීය කණ්ඩායම ලකුණු 145කට දැවී ගියේය. 

ජෝ රූට් ලකුණු 8කට කඩුලු 5ක් දවා ගත්තේය. එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 81කට සීමා කිරීමට අක්ෂා පටෙල් සහ රවිචන්ද්‍රන් අශ්වින් සමත් වූහ. 

පසුව ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 49 කිසිවෙක් නොදැවී රැස්කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විණි. 

පටෙල් තරඟයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ඔහු කඩුලු 11ක් දවාගෙන තිබුණි. 

ඒ අනුව තරඟ 4 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් විය. 

එන්.ඩී.ටීවී

Classified_Ad

Classified_Ad_News_Bottom