කොංගෝවේ ඉතාලි තානාපති මරුට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 23, 2021

කොංගෝවේ ඉතාලි තානාපති මරුට

අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ, ඉතාලි තානාපති ලූකා ඇටැන්සියෝ ගමන් කළ රථයට ඊයේ (22) ප්‍රහාරයක් එල්ල විය. 

ප්‍රහාරයෙන් තානාපතිවරයාත්, ඔහුගේ සහායකයාත්, ආරක්ෂාවට සිටි ඉතාලි පොලිස් නිලධාරියාත් ජීවිතක්ෂයට පත්වුණැයි ඉතාලි රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැති අතර, එය ඉස්ලාමීය බෙදුම්වාදී කැරළිකරුවන් කළ සැහැසි ක්‍රියාවක් යැයි සැක කෙරේ. 

43 හැවිරිදි තානාපතිවරයා ගමන් කළ රථයට ප්‍රහාරය එල්ල වී ඇත්තේ විරුන්ගා ජාතික වනෝද්‍යානයේදීය. ප්‍රහාරයට සම්බන්ධ පිරිස් සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කළ බව කොංගෝ රජය පවසා තිබේ. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom