ඉම්රාන්ට ගුවනින් එන්න ඉන්දියාවෙන් අවසර - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 23, 2021

ඉම්රාන්ට ගුවනින් එන්න ඉන්දියාවෙන් අවසර

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගමන් ගන්නා ගුවන් යානයට ඉන්දීය ගුවන් සීමාව භාවිත කිරීමට ඉන්දියාවේ අවසරය හිමි වී ඇති විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. 

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා අද (23) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. 

පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වන පළමු අවස්ථාව මෙය වේ. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2019 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ සෞදි අරාබියේ සංචාරයක නිරත වූ අතර ඒ අවස්ථාවේදී පාකිස්තානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගමන් ගන්නා ගුවන් යානයට ඔවුන්ගේ ගුවන් සීමාව භාවිත කිරීමට අවසර නොදුන්නේ ය. 

ඉන්දියාව කාශ්මීරයේ මානව හිමිකම් උල්ලංඝණය කරන බවට චෝදනා කරමින් පාකිස්තානය එලෙස අවසර නොදුන්නේ ය. ප්‍රභූ ගුවන් යානයකට (වී.වී.අයි.පී) ගුවන් යානයකට අවසර නොදීම සම්බන්ධයෙන් ඉන්දියාව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයට පැමිණිල්ලක් ද කළේය. සාමාන්‍ය තත්ත්ව යටතේ ප්‍රභූ ගුවන් යානාවලට ඒ ඒ රටවල අවසරය හිමි වේ. 

කෙසේ නමුත් පාකිස්තානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගමන් ගන්නා ගුවන් යානයට අවසර නොදීම වරදක් යැයි ඉන්දියාව චෝදනා කළේය. 

හින්දුස්තාන් ටයිම්ස් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom