ලෙබනන් වැසියන්ට එන්නත් ලැබේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 15, 2021

ලෙබනන් වැසියන්ට එන්නත් ලැබේ

ලෙබනන් වැසියන්ට ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම නිපදවූ ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම ඊයේ (14) ආරම්භ විය. 

පළමු වටයේ දී එන්නත් ලබා දීම සිදුවන්නේ සෞඛ්‍ය අංශ සාමාජික සාමාජිකාවන්ට සහ අවුරුදු 75 ට වැඩි වැඩිහිටියන්ට බව සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

ලෙබනන සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව මේ වනවිට එරටින් වාර්තා වී ඇති ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 3,39,992 ක් වන අතර මරණ වාර්තා වන්නේ 3,961 ක් ලෙසය. 

ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් ද අර්බුදයකට මුහුණ පා සිටින ලෙබනන් වැසියන්, ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණ දෙන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

රොයිටර්

Classified_Ad